ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනියාවන මාණ්ඩලික ප්‍රධානී තනතුරට මාසයකට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙක් පත්කිරීමට ජනාධිපතිවරයා

අපොහොසත් වී ඇත.

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සංජය වනසිංහ සේවා දිගුවක් නොලැබීම නිසා පසුගිය ඔක්තෝම්බර් මස දොළොස්වෙනි දා (12) යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අතර එම ධුරය සඳහා මෙතෙක් කිසිවෙක් පත් කර නොමැත.

මෑත කාලයේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන තනතුරට කිසිවකු පත් නොකර මාසයකට වැඩි කාලයක් තිබී නැති බව අපගේ යුදහමුදා මූලාශ්‍ර ප්‍රකාශ කරයි.

යුද හමුදා පරිපාලන කටයුතුවල ඉහළම තනතුර වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා නිලධාරියෙකු පත්නොකිරීම හේතුවෙන් පරිපාලන ගැටලු රැසක් ද මතුව ඇති බව සඳහන්ය.

ඒ අතර මේවනවිට නියෝජ්‍ය මාණ්ඩලික ධුරය ද පුරප්පාඩුව වී තිබේ.

මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරය පුරප්පාඩු වූ වහාම ඒ සඳහා සුදුසු නිලධාරීන් පත් කිරීම යුධ හමුදා ඉතිහාසයේ මෙතෙක් පැවති සම්ප්‍රදායයි. 

PJ w3

මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන 

එහෙත් ඔක්තෝබර් මස 13 වන දින සිට මේ දක්වා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයේ වැඩ බැලීම සඳහා පත්කොට ඇත්තේ, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනයි. 


ඒ අනුව ඔහුව නැගෙනහිර ආඥාපති ධුරයේ සිට ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයට මාරු කර ඇත. 

පසුගිය යුධ සමයේ 58 වැනි වැනි සේනාංකයට අනුයුක්ත ව රාජකාරි කර ඇති ප්‍රියන්ත ජයවර්ධන, ඉන්පසු පසුව අඩප්පන් අත්පත්කර ගැනීමේ මෙහෙයුමෙන් පසු පළවෙනි කාර්ය සාධක බළකායට එක්විය. තවද ඔහු වෙල්ලමුල්ලි වයික්කාල් දක්වා තම භට කණ්ඩායම් මෙහෙය වූ අයෙකි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය ප්‍රියන්ත ජයවර්ධන ට හිමිවිය යුතු බව යුධ හමුදා ආරංචිමාර්ග පවසයි.

මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන දෙසැම්බර් මස දොළොස් වැනි දින විශ්‍රාම යාමට නියමිතය.  

indu s

මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් 

විදුලි සංඥා විදුලි විදුලි හා විදුලි හා කාර්මික රෙජිමේන්තුවේ මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් ද එවැනිම කෙනෙහිලිවලට ලක්ව සිටින නිලධාරියෙකු බව  අපගේ යුදහමුදා මූලාශ්‍ර ප්‍රකාශ කරයි.


ඔහු මේවනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තුන්වන ස්ථානයේ සිටින නිලධාරියා වේ. එහෙත්, ඔහුට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානින් ධූරයේ මේ වනතෙක් හිමිවී නොමැත.

මෙම නිලධාරීන් දෙදෙනාගේම ලිපිගොනු ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් යුධ හමුදා මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කෙසේවෙතත් මේ වන විට නිලධාරියෙකුගේ නමක් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කිරීම සඳහා නිර්දේශ කර ඇතැයි වාර්තාවේ. 

ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකළ යුතු අතර මේ දක්වා එම පත්කිරීම සිදුකර නොමැති බව සඳහන්ය.

සටහන :
(රුවන් වීරකෝන්)
ආරක්ෂක වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්