දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නැගෙනහිර පළාතේ සාම්පුර් පොලිස් බල ප්‍රදේශය තුළ යුද්ධයේදී ඝාතනය වු කොටි සාමාජිකයන්

අනුස්මරණය කිරීම සම්බන්ධයෙන් සති දෙකක කාලයක් සඳහා අධිකරණය විසින් උපදෙස් සහිත නියෝගයක් පනවා තිබේ.

දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනෙකු ද ඇතුළු 17 දෙනකුගේ නම් සදහන් කරමින් මුතුර් මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 23 වැනිදා නිකුත් කළ නියෝගයේ අවධාරණය කර ඇත්තේ මහවිරු අනුස්මරණ පැවැත්වීමේදී මහජනතාවට අවහිරයක් සිදු නොකළ යුතු බවයි.

සාම්පුර් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) විධිවිධාන අනුව මෙම නියෝගය නිකුත් කරන බව මුතුර් මහේස්ත්‍රාත් එච්.එම් තස්නීම් ෆව්සාන් නිකුත් කළ නියෝගයේ වැඩි දුරටත් සදහන්ය.

 

“ඒ අනුව, LTTE සාමාජිකයන් මිහිදන් කර තිබෙන සාම්පුර් නැගෙනහිර ආලම්කුලම් සුසාන භුමියේ හෝ පොදු ජනතාව නීත්‍යානුකුලව භාවිත කරනු ලබන ඕනෑම සුසාන භුමියක හෝ දෙමළ ඊළම් විමුක්ති කොටින්ගේ මිය ගිය සාමාජිකයන් සිහි පත් කිරීමේ අරමුණින් මහවිරු අනුස්මරණය කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 ප්‍රකාර, පොලිස් බල ප්‍රදේශය තුළ පහත සඳහන් පුද්ගලයන් මහජන සෞඛ්‍යයේ හා ජන ජීවිතයේ ආරක්ෂාවට අනතුරක් වන ඕනෑම ක්‍රියාකාරකමක යෙදීමෙන් වැලකිය යුතුය.”

 

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු 17 දෙනකුගේ නම් සදහන් කරමින් නොවැම්බර් 23 වැනිදා නිකුත් කළ නියෝගය අද දිනයේ සිට දින 14 ක කාලයක් බල පැවැත්වෙයි.

දෙමළ මහවිරු දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 27 වැනි දිනටයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තියේ විධිවිධාන යටතේ ඉහත ක්‍රියාදාමයට සහභාගි වන සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම නියෝගය වලංගු බව අධිකරණ නියෝගයේ තව දුරටත් සදහන්ය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්