සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජනබලවේගය පක්‍ෂයේ තනතුරු වල කටයුතු කිරීම

වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගොනුකළ පෙත්සමකට අදාළ තීන්දුව දෙමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අද (24) ප්‍රතික්ෂේප කළේය.

ඩයනා ගමගේ  ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නම් කොට තිබිණී.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පැවරූ නඩු අධිකරණ වල තවමත් විභාග වෙමින් පවතින බවත් සඳහන් කරන ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවද පෙන්වා දුන්නාය.

වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන හෙයින් ඔවුන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම තනතුරු දැරීමට හැකියාවක් නොමැති බවට තීන්දු කොට ඔවුන් එම ධුර වල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගය අවසානයේදී සිය තීන්දු ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරුවරයා පෙත්සම්කාරිය ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කර ඇතැයයි අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.

වගඋත්තරකරුවන් අදාළ ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසරුවරයා නඩුවට අදාල උත්තර ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා ගොනු කිරීමට පාර්ශවකරුවන්ට නියම කළේය”

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්