යුද පීඩිත වන්නියෙන් පස් මසකට ඉහත දී හමුවු සමුහ සුසානයේ ප්‍රමාණය තීරණය කිරීම සදහා රේඩාර් උපකරණ භාවිතයෙන් සිදු කෙරෙන

පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.


එමෙන්ම මේ දක්වා කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකුට අයත් අස්ථි කොටස් ගොඩ ඇති බවයි සිරුරු ගොඩගැනීම මෙහෙයවන අධිකරණ වෛද්‍යවරයා පවසන්නේ.

නොවැම්බර් 23 වැනිදා කැනීම් කටයුතු නිමා කිරීමෙන් පසු සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සදහන් කළේ රේඩාර් ස්කෑනර් යන්ත්‍ර භාවිතයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රතිළුල ප්‍රකාශ කළ හැක්කේ හෙට දිනයේදීද පරික්ෂා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව බවයි.

"අද ස්කෑනර් මගින් සුසාන භුමියේ ප්‍රමාණය (පළල) කොච්චර දුරට තියනවාද කියලා පරීක්ෂා කෙරුවා. මේකේ ප්‍රතිපලය හෙටත් පරීක්ෂා කටයුතු කරාට පස්සේ තමයි කියන්න පුළුවන්. මේ මිනි වළ මාර්ගය හරහාත්, අනෙක් පැත්ත හරහාත් යෑමට ඉඩ තියනවා."

කොළඹ සිට පැමිණි පුද්ගලික ආයතනයක හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ස්කෑනර් යන්ත්‍ර දෙකක් භාවිතයෙන් නොවැම්බර් 24 වැනිදා පරීක්ෂා කිරීම් කටයුතු සිදු කළ බවයි වෛද්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

සිරුරු ගොඩගැනීමේ කටයුතු විමර්ශනයට පුරෝගාමී වී සිටින වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව මෙන්ම මුලතිව් දිසා විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

ඊයේ දිනයේදීද කැනීම් වලින් සොයා ගත් අස්ථි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දීමට කටයුතු කළේය.

"අද පස්වැනි දිනයේත් මිනිස් ඇට සැකිලි හතරක් සම්පුර්ණයෙන්ම ගොඩ ගත්තා. පතුරම්, බෝම්බ කොටස් සහ මාකර් පෑනක් සොයා ගත්තා."

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් මුල් වරට හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

kk 90

kk 91


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්