leader s

 කුසල් පෙරේරා විසින් රචිත  මව්බිම සංවර්ධනයේ "සුරතාන්තය " ක් සියල්ලන්ට යහපත් අලුත් සංවර්ධන මාවතක් ගැන කතිකාවකට ප්‍රවේගයක්,

පොත පිළිබඳ සූම් සවිචාර සංවාද අද සවස 3.00 පැවැත්වීමට කටතුයු යොද ඇත.

 සුම්  සාකච්ඡාව සඳහා පහත සැබැඳියාව ඔස්සේ සම්බන්ධ වියි හැක -  Join Zoom Meeting:

 

එක රටක දේශ දෙකක්

මේ ලංකාවේ 1977 න් පසු දේශයන් හැදෙන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පාගා දමන්නට සිංහල මහා ජාතිය පියවර ගතහොත් යැයි 1956 දී කිවේ සමසමාජ පක්ෂයේ ප්‍රධානියෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ය .කොල්වින්ගේ පුරෝකථනය 1983 සිට අවුරුදු 25 ක කාලයකදී මෘග යුද්ධයකින් කෙළවර වුයේ වෙනම දෙමළ ඊලාම් රජයක් හැදීමට සටන් වැඩි ව්මුක්ති කොටි පරාජය වුයෙනි.

 

 එසේ වෙනම ඊලාම් රාජ්‍යක් මේ රටේ බිහි නොවුනාට ,77 න් පසු විවෘත වෙළඳපල ආර්ථිකය විසින් දසක 04 කට වැඩි කාලයක් පුරා මේ රටේ භූගෝලීය දේශ සීමා නොමැති "ආර්ථික දේශ " දෙකක් නිර්මාණය කර ඇත. එකක් ඉහළ නාගරික මැද පන්තිකයින් ප්‍රමාණයක්ද ඇතිව සමස්ත රටේ වත්කම් හා අදායම් ප්‍රමාණයෙන් සියයට 43 ට වැඩි විශාල ධනස්කන්ධයක් ගොනු වූ කොළඹ කේන්ද්‍රීය පොහොසත් සුළුතරයකගේ නාගරික දේශයකි.එය මේ රටේ "ජාවරම්කාර දේශයයි " දෙවැන්න ග්‍රාමීය හා අර්ධ නාගරිකයන්ද ඇතුලත් රටේ වත්කම් හා අදායම් ප්‍රමාණයෙන් සියයට 20 ට අඩු ප්‍රමාණයට ඇත ගසා ඉන්නාවූ සහ බොහෝවිට ක්ෂුද්‍ර ණය මත ජිවිත එල්ලා තබන විශාල පුද්ගල පිරිසකි.එය "අතරමංවූ " ලාංකීය දේශයයි.

මේ දෙගොල්ලන් අතර ඉතිරිවන පුද්ගල සංඛ්‍යාව ණයට ජිවිත ගැට ගසා ගන්නා පිරිසකි.ඔවුන් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි නාගරික හා අර්ධ නාගරික පහළ මැද පන්තිකයන් ලෙස රැඳෙන්නේ උකස් කිරීම්, කල්බදු, මුල්‍ය ණය ,සහ ක්‍රෙඩිට් කාඩ් පත් සමඟින්ය .සිය ජිවිත කාලයම ණයට ගෙවන්නට සිදුවන මේ පහළ මැදපන්තිකයින් ග්‍රාමීය දුප්පතුන්ටද වඩා අසීරු ජිවිත ගත කරන වුන්ය.

මේ රටේ "අතරමං වූ " ඒ ලාංකීය දුප්පත්කම ගණන් හදන්නේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් විසින් ගණනය කරන දරිද්‍රතා රේඛාවට අනුවය.පසුගිය (2020 ) ජනවාරි මාසයේ එක පුද්ගලයෙකු විසින් මාසයක් තුල උපයනු ලබන රුපියල් 5,021 ක අදායම ,දරිද්‍රතාවය තීන්දු කිරීමේ උපරිම ආදායම් මට්ටම ලෙස ඔවුන් සැළකුහ.ඔවුන්ගේ ඇගයුමට අනුව රු 5,022 ක් උපයන්නෙකු දුප්පතෙකු නොවේ.මෙමගින් සිදු කෙරෙන්නේ මේ රටේ මිලයන 21 ක ජනතාවගෙන් දුප්පතුන් ඇත්තේ සියයට 4.1ක්


පොත ගන්න, කියවන්න, කතාවට එකතුවන්න මෙතනින්

405509313 24290636997249111 2537002942432232322 n

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්