ලලිත් පතිනායක- දේශබන්ධු තෙන්නකෝන් - ප්‍රියන්ත වීරසූරිය 
 
නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද( 27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. 

ඒ, ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ය.

ඒ අනූව අද දිනයේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. 

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට පසුගිය මාර්තු 26 වැනිදා සවස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම යෑමට සූදානම් වූ අතර නව පොලිස්පතිවරයකු පත්කරන තුරු ඔහුට මාස තුනක සේවා දිගු ලබා දීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනිණි.

එම මාස තුන අවසන් වීමෙන් පසු තවත් මාස තුනක කාලයක සේවා දිගුවක් ලැබූ පොලිස්පතිවරයා ඉන් පසුව සති තුන බැගින් අවස්ථා දෙකකදීම සේවා දිගු ලබා නොවැම්බර් 24 වැනිදා විශ්‍රාම ගියේ ය.

සී.ඩී. වික්‍රමරත්නට තවදුරටත් සේවා දිගු ලබා නොදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයින් විසින් තීරණය කර තිබු අතර නව පොලිස්පතිවරයකු පත්කරන ලෙස එහිදී අවධාරණය කර තිබිණි.

සී. ඩී. වික්‍රමරත්න විශ්‍රාම ගිය ද මේ වන තුරුත් නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු කර නොමැත. නව පොලිස්පතිවරයකු සඳහා නමක් හෝ මේ වනතුරු තමන් වෙත ලැබී නොමැති බව ව්‍යවස්ථාදායක සභාවේ ආරංචි මාර්ග පැවසීය.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, දේශබන්ධු තෙන්නකෝන් සහ ප්‍රියන්ත වීරසූරිය යන අයගෙන් එක් අයකු වැඩබලන පොලිස්පති ධුරය සඳහා පත් කිරීමට නියමිත බවයි.
 
කෙසේවුවද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසුයේ, ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇති බවයි.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්