ඉකුත් ජුනි මාසයේ දී අහඹු ලෙස වන්නියෙන් මතුවූ සමූහ මිනීවලේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ හත්වැනි දිනයේදී තවත් පුද්ගලයන්

තිදෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.

දෙමළ මහවිරු සමරු පැවැත්වෙන නොවැම්බර් 27 වැනි සඳුදා කැනීම් කටයුතු නිමා කිරීමෙන් පසු සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සදහන් කළේ මේ දක්වා කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් අවම වශයෙන් පුද්ගලයන් 37 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන ඇති බවයි.

කොක්කුතොඩුවායි සමුහ සුසානයේ ප්‍රමාණය තිරණය කිරීම සදහා රේඩාර් උපකරණ භාවිතයෙන් සිදු කෙරෙන පරික්ෂණ කටයුතු පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින දෙක තුලදී සිදු කර තිබුනි.

කොළඹ සිට පැමිණි පුද්ගලික ආයතනයක හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ස්කෑනර් යන්ත්‍ර දෙකක් භාවිතයෙන් පරීක්ෂා කිරීම් කටයුතු සිදු කළ අතර එහි ප්‍රතිළුල තවමත් ප්‍රකාශයට පත් කර නැත.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

JMO Vasudeva

P 1

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්