උදාවන 2024 ශ්‍රී ලංකාව ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් පිරුණු උද්යෝගිමත් වසරක්.


බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා අමෙරිකාවේ පවත්වනු ලබන 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, නවසිලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව සමග මේ වසරේදී තරග වැදීමටයි නියමිත. ශ්‍රී ලංකාව නව වසර තුළ නවසිලන්තය තෙවතාවක් මුණගැසීම විශේෂත්වයක්.

zdfgwet


සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, නවසිලන්තය හා කොදෙව් දූපත් ලබන වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන කණ්ඩායම්. දිවයිනෙන් පිට ද්විපාර්ශ්වික තරගවලදී ශ්‍රී ලංකාව පළමුව බංග්ලාදේශය සමගත් දෙවනුව එංගලන්තය සමගත් තෙවනුව දකුණු අප්‍රිකාව සමගත් ඉන්පසු නවසිලන්තය සමගත් තරග වැදීමට නියමිතයි.

2024 ජාත්‍යන්තර ක්‍රිකට් කැලන්ඩරයට අනුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 10ක් සහ ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරග 21 බැගින් ක්‍රීඩා කරනවා.

zdfwerwer


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව වසර ආරම්භ කරන්නේ සිම්බාබ්වේ ට එරෙහිව ජනවාරියේදී එක්දින හා විස්සයි20 තරග තුන බැගින් මෙරටදී ක්‍රීඩා කරමින්. අනතුරුව ඔවුන් ජනවාරි-පෙබරවාරි වකවානුවේ ඇෆ්ගනිස්තානය සමග ටෙස්ට් තරගයක් සහ එක්දින හා විස්සයි20 තරග තුනක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් සඳහා පෙබරවාරි-මාර්තු කාලයේ බංග්ලාදේශයේ සංචාරය කරන අතර එය නිමා වීමෙන් පසුව ජූනි-ජූලි වකවානුවේදී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම පිණිස යනු ඇත.

XCFHERYE
ඉන්දියාව සමග ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් ජූලි හා අගෝස්තු මාසවල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අනතුරුව එළඹෙන්නේ ටෙස්ට් තරග තුනකින් සමන්විත අගෝස්තු-සැප්තැම්බර් එංගලන්ත සංචාරයයි.

එම සංචාරය නිමවා ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණෙන්නේ නවසිලන්තය ට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට මුහුණ දීම පිණිස. ඉන්පසු ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් හා නවසිලන්තය සමග පිළිවෙලින් ඔක්තෝබරයේ හා නොවැම්රයේදී එක්දින හා විස්සයි20 තරග තුන බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් 2024 තරග වාරය අවසන් වන්නේ ටෙස්ට් තරග දෙකක් සඳහා වන නොවැම්බර්-දෙසැම්බර් දකුණු අප්‍රිකානු සංචාරයෙන් හා එක්දින හා විස්සයි20 තරග තුන බැගින් ක්‍රීඩා කෙරෙන නවසිලන්ත සංචාරයෙන්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්