ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසය ඇතුළු තරුණ සංවිධාන 100ක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල දක්වා

සිටින සියලු සර්ව ආගමික නායකයන් වෙත සාමයේ ප්‍රතිඥාවක් සහ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීම ඊයේ (04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයෙන් ආරම්භ විය.

IMG 20231205 WA0057
ඒ ශ්‍යාමෝපාලික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ රාජ පූජිත විංශත් වර්ගික කාරක සංග සභික ආචාර්ය පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම නාහිමිපානන් වහන්සේගේ සහභාගීත්වයෙනි.

IMG 20231205 WA0059
ඉන් අනතුරුව මහනුවර ගණ දෙවි කෝවිලේ භාරකාර මණ්ඩලය වෙත සහ මාවිල්මඩ හින්දු කෝවිලේ කුරුක්කලතුමන්ලා වෙත මෙම ඉල්ලීම් මාලාව ඉදිරිපත් කිරීම සිදුවිය.

IMG 20231205 WA0055
ඉන් පසු මාවිල්මඩ ජුම්මා පල්ලියේ මවුලවිතුමන්ලා සහ භාරකාර මණ්ඩලය හමුවීම සඳහා පැමිණි තරුණ පිරිසට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. තමන් මෙම සාමයේ ප්‍රතිඥාව සුරැකීමට කටයුතු කරන බවට පොරොන්දු වූ ඔවුන් තරුණ පිරිසේ මෙම වෑයම කාලෝචිත ක්‍රියාවලක් බව ප්‍රකාශ කළහ.

 

IMG 20231205 WA0073උඩරට අමරපුර නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අලවතුගොඩ, කොනකලගල ශ්‍රී සද්ධානන්ද මහා පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය කොනකලගල උදිත හිමියන් සියලු ජාතීන්ට අයත් තරුණයන් එක්ව සාමය වෙනුවෙන් සිදුකරන මෙම උත්සාහය ඉදිරියට ගැනීම ගැන තරුණ පිරිසට ප්‍රසංශා කල අතර ම ලබන වසර මැතිවරණ වර්ෂයක් බැවින් දේශපාලනික වාසි තකා දේශපාලකයන්ට ජාතිවාදය ඇවිස්සීමට තරුණ පරපුර ඉඩ නොදිය යුතු බවත් අවධාරණය කළහ.

 IMG 20231205 WA0072

IMG 20231205 WA0048

ඉන් අනතුරුව මාතලේ ගොන්ගවෙල ජුම්මා පල්ලියේ මවුලවිතුමන්ලා සහ පාලක මණ්ඩලය මුණ ගැසුණු තරුණ පිරිස මාතලේ ඓතිහාසික අලුවිහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ හමුවූ අතර ඉන් අනතුරුව පැමිණියේ සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවීමටයි.

IMG 20231205 WA0068
මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් හමුවූ තරුණ පිරිස වෙත උන් වහන්සේ දීර්ඝ ලෙස අනුශාසනා කරමින් මෙම බුද්ධිමත් කාර්ය සාර්ථක කර ගැනීම සඳහා තමන් වහන්සේගේ ආශිර්වාදයත් අනුග්‍රහයත් ලබා දෙන බව ප්‍රකාශ කළහ.

IMG 20231205 WA0066
ඉන් අනතුරුව අනුරාධපුර අටමස්ථානයේ රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ හමුවූ තරුණ පිරිසට තම  යෝජනාවලිය තුළ අන්තර්ගත කරුණු තවත් පෝෂණය කිරීම සඳහා ඉතා වැදගත් අදහස් හා යෝජනා වලින් අනුශාෂනාවක් ලැබිණි.

මෙම සියලු හමුවීම් වලින් වාර්ගික ගැටළු සහ ආගමික ගැටළු හේතුවෙන් හිංසනයන්ට හා අයුක්තියට භාජනය වූවන්ට යුක්තිය ඉටු කිරීම, දේශපාලන සංස්කෘතිය තුලින් ජාතිවාදය හා ආගම්වාදය තුරන් කිරීම, ව්‍යාපාරික අරමුණු සඳහා ජාතිවාදය හා ආගමික ගැටුළු නිර්මාණය කිරීම් වැලැක්වීම සහ ජාතික සමගි ගොඩනැගීමෙහිලා පොදු ප්‍රයත්නයක නිරතවීම යන කරුණු පිළිබඳව සංකච්ඡාවට භාජනය වු අතර සර්ව ආගමික නායකයින් ඔවුන්ගේ පූර්ණ සහයෝගය රටේ අනාගත සාමය ගොඩනැගීම සඳහා ලබා දෙන බවට තරුණ පිරිසට වැඩි දුරටත් ප්‍රකාශ කළහ.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසය ඇතුළු තරුණ සංවිධාන නියෝජිත පිරිස අද (05) වවුනියාව සිය යාපනය බලා පිටත් වීමට නියමිතයි.

 yl 1

yl 2


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image