ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වනවිට හැටනව ලක්‍ෂයේ ඡන්ද ප්‍රමාණය නැති බවත් ඇත්තේ ඉන් අඩක

පමණ ඡන්ද ප්‍රමාණයක් බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පැවසීය.

පසුගිය කාලයේ පක්‍ෂය බිමටම කඩාවැටුණු බවත් නැවත පක්‍ෂය සංවිධානය කරගෙන අළුමතින් නැඟී සිටින පක්‍ෂයක් ලෙස ඉදිරියට යෑම සඳහා පියවර ගෙන ඇති බවත් ඔහු කීවේය.

ඔහු එබවපැවසුවේ ඊයේ (7 දා) පොහොට්ටු පක්ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

''මේ වනවිට සෑම පක්‍ෂයකම ඡන්ද ප්‍රතිශතය වෙනස්වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සියයට එකකටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් තියෙන්නේ.

ලබන වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. එය මගහරින්න බැහැ. මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන ආකාරය ගැන පක්‍ෂයක් ලෙස තීරණයක් ගනිවී.'

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්