නැගෙනහිර ටිමෝරයට නිදහස් ලබාගැනිම වෙනුවෙන් වු අරගලයට දායකත්වය දැක්වුවන් වෙනුවෙන් නැ⁣ගෙනහිර ටිමොර් රාජ්‍යයේ ඉහලම ගෞරව

සම්මානයෙන් පිදුම් ලැබු දේශපාලන ක්‍රියාකාරික ෆ්‍රෙඩී ගමගේ පෙරේදා (07) යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී 'වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය' විසින් ඔහුව උණුසුම් අන්දමින් පිළිගනු ලැබිය.

මෙම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම සහෝදර මාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගී ව සිටියේය.

නැඟෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයමින්, එරට ජනාධිපති රාමෝස් හොර්තා විසින් එරට රජයේ ඉහළ ම වීර සම්මානය ශ්‍රී ලාංකික ප්‍රේඩි ගමගේ වෙත නොවැම්බර් 27 දා සවස නැගෙනහිර ටිමෝරයේ අගනුවර දිලී හිදී පැවති රාජ්‍ය උත්සවයේදී පිරිනමනු ලැබිය.

නැඟෙනහිර ටිමෝරය ඉන්දුනිසියාවත් ඕස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයකි.

එරට නිදහස උදෙසා ආසියා පැසිෆික් කලාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයන්හි නිරත වූහ.

ඒ වෙනුවෙන් කැපවීම නිසා ෆ්‍රෙඩී ගමගේ මානිල් ගුවන් තොටුපළේ දී දෙවරක් හා ක්වාලාම්පූර් ගුවන් තොටුපළේදී එක්වරක් පිටුවහල් කිරීමට ද ලක්විය.

ෆ්‍රෙඩී ගමගේ 'වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ' කැඳවුම්කරු මෙන්ම, 'මීපුර' වෙබ් අඩවියේ පුරෝගාමියා වේ. ඒ මෙන්ම ඔහු මෙරට ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකි.
FG 2023.12.9 


සබැඳි පුවත් :

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයෙන් ගෞරව සම්මානයක්

මාධ්‍යවේදි ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!
නැතිමොර සිතිවිලි - (උදන් ප්‍රනාන්දු)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්