මෙම නව පනත හරහා විධායක ඇමතිවරයෙක් නිර්මාණය වන බව විදුලිබල මණ්ඩලයේ

විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය අවධාරනය කර සිටියි.

නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (09) පැවති මාධ්‍ය හමුවකදී විදුලි බල මණ්ඩලයේ විදුලි තාක්ෂණික ඉංජිනේරු අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත එබව කියා සිටියේය.

''මේ විදුලිබල පනත තුළින් විධායක ඇමතිවරයෙක් නිර්මාණය කරලා තියෙනවා. ඇමතිවරයාට සියලු බලතල අතට අරන් තියෙනවා. මේය ඉතාමත්ම නරක පූර්වාදර්ශයක්. මේ පනත තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි ජනනය පිළිබඳ නව ප්‍රවනතා ඇති කරලා තියෙනවා. එය යම් ධනාත්මක තත්ත්වයක් නමුත් ඒ පිළිබඳ තරගකාරීත්වය නිර්මාණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තව විදියකින් කිව්වොත් මේය ව්‍යාපා‍රිකයින් අතට පත් වීමට තියෙන ඉඩකඩ වැඩි ඒ නිසා නියාමනය කියන කාරණය මේ පනත තුළින් ගිලිහිලි තියෙනවා. පැහැදිලිවම නියාමන ආයතනය විදියට මහජන උපයෝගිතා කොමිසම් සභාව තමයි තියෙන්නේ. ඒ නියාමන අයතනයේ බලතල අතිවිශාල කොටසක් ඇමතිවරයා යටතට අරගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රනය නියාමනය කරන්නේ කවුද කියන ප්‍රශ්නය තියෙනවා. ස්වාධීන නියාමන ආයතනයක් එහෙම නැතිනම් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීටත් වඩා පුළුල් විදියට බලතල සහිතව තමයි පිහිටවිය යුත්තේ. නමුත් අවාසනාවකට එවැනි තත්ත්වයක් ඇති වෙලා නෑ''



විදුලිබල පනත ජනවාරියේදී පාර්ලිමේන්තුවට

විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ගැසට් කර ඇති අතර එය ලබන ජනවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදුලිබල කර්මාන්තයේ ප්‍රතිසංස්කරණ, ජාතික විදුලිබල උපදේශක සභාවක් පිහිටුවීම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තය සඳහා නියාමක වශයෙන් කටයුතු කිරීමට අදාළ විධිවිධාන නව විදුලිබල පනතට ඇතුළත් වේ.

එමෙන්ම, මෙම පනත මඟින් විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය සම්බන්ධ ව්‍යවස්ථාමය පියවර සැපයීම සහ ඊට අදාළ ක්‍රියාපටිපාටි නිශ්චිතව දක්වා ඇත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්