පසුගිය 6 වෙනි දින අළුයම පෑලියගොඩ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක රෝහිත රුවන් කුමාර සියදිවි

නසා ගත් බවට මුලින් වාර්තා පළවී තිබුණද එය ඝාතනය කිරීමක් බවට බරපතළ සැකයක් මතුවී තිබේ.

මේ වනවිට හෙළිවී ඇති කරුණු අනුව දේශපාලන ප්‍රබලයෙකුගේ අනියම් බිරිඳක් එදින අළුයම මාර්ග නීති කඩකර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම උප පොලිස් පරීක්ෂකවරයා සූදානම්වීම හේතුකොට ගෙන කුමන්ත්‍රණකාරීව ඔහුව ඝාතනය කර ඇති බවට මූලික සාක්ෂි ඇතැයි අනාවරණය වේ.

එම අවස්ථාවට අදාළ CCTV දර්ශන මකා දමා ඇති බව හෙළිවේ.

එසේම, මෙම පොලිස් නිලධාරියා තම රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබා ගත්තේ නම් එම ගිනි අවිය බිම වැටී තිබිය හැකි ආකාරවලට ඉඳුරාම වෙනස් ආකාරයෙන් වැටී තිබූ බවද එම ගිනි අවිය සහ වෙඩි උණ්ඩය ඇතුළු වූ බෙල්ල ප්‍රදේශය අතර විශාළ පරතරයක් තිබෙන බවත් මේ වනවිට හෙළිවී තිබේ.

මෙම සියදිවි නසා ගැනීම මුල් කර ගෙන 'ලංකා ටෘත්' වෙබ් අඩවිය පළ කර තිබු ප්‍රවෘත්තියේ අදාළ සැක කටයුතු තැන් පිළිබඳවද මුලින්ම හෙළිකර තිබිණ.

සබැඳි පුවත් :
ආරක්ෂක අංශ සාමාජිකයන් හිසට වෙඩි තබා ගැනීම විශාල වශයෙන් ඉහළ යයි


(lankatruth.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්