පාර්ලිමේන්තු සජීව විකාශය කිරීම නවත්වා එය පැය භාගයක් ප්‍රමාදකොට විකාශනය කරන ලෙස

තමා කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් ඉල්ලීමක් කල බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසිය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ හම්බන්තොටදී අද(10) පැවති උත්සවයක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

'' පාර්ලිමේන්තුවේ අනවශ්‍ය මඩ ප්‍රහාර සහ වෙනත් බොහෝ දේ කතාකරනවා. අධිකරණයට හා විනිසුරුවන් ඉලක්ක කරගෙන වරප්‍රසාද වලට මුවා වෙලා විවිධ ප්‍රකාශ කරනවා. අනවශ්‍ය දේට කාලය මිඩංගු කරමින් වැඩකට නැති දේවල් කතා කරනවා. මේවා බලාගෙන ඉන්න අයට පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය නැතිවෙනවා.

බලන්න විපක්ෂනායක විසි හත දෙක යටතෙ අහන ප්‍රශ්න. වැඩිම කාලයක් කතාකලේ ක්‍රිකට් ගැන. අයවැය වැය ශීර්ෂ ගැනකතා කරපුවා මොනවද ඉතාම අතලොස්සයි. මේ හේතූන් නිසා පාර්ලිමේන්තු විකාශනය පැය බාගයක් විතර පරක්කු කරන්න කියලා මම කථානායකතුමාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගෙන් මම ඉල්ලීමක් කලා. ඇත්තටම අපි පාර්ලිමේන්තුවට ඇවිත් කතා කල යුත්තේ රටට හා ජනතාවට ප්‍රයෝජනවත් දේවල් ''


විපක්ෂනායකවරයා සෑම පාර්ලිමේන්තු දිනකම උදැසන කාලය නිකරුනේ කාදමන බවට ආණඩුවේ හා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබෙන අතර ඒ සඳහා සහයදෙන බවට සභානායක සුසිල් ප්‍රේමජයන්ත ට ද දෝස් මුරයක් එල්ලවෙමින් තිබේ.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්