ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ

අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා භට කණ්ඩායම් රාජකාරිවලින් අද (10) මුදාහරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් පැවසීය.

යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ 200 කට වැඩි භට පිරිසක් වසර ගණනාවක සිට මිහින්තලා රජමහා විහාරස්ථානයේ විවිධ සංවර්ධන සහ ඉදිරිකිරීම් කටයුතු සඳහා යොදවා සිටි බව කී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම භට පිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉවත්කරගන්නා බව ද සඳහන් කළේය.

මිහින්තලා රජමාහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදා 4 වන ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් සෙබළුන් දෙදෙනකුගේ ආවේක්‍ෂණ රාජකාරියේ ස්භාවය සහ රාජකාරිය සැකකටයුතු බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවත් එම සෙබළුන් මිහින්තලා විහාරස්ථාන පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ නිරන්තයෙන් සැරිසරණ විදේශ සංචාරකයන්ගේ සහ මිහින්තලා පරිශ්‍රයේ ඉදිකිරීම්වල නිතරව සිටින ත්‍රිවිධ හමුදා භට පිරිස්වල ආරක්‍ෂාවට යොදවා තිබුණේ යැයි පැහැදිළි කරමින් මාධ්‍ය නිවේදනයක් යුද හමුදාව නිකුත් කළ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් වැඩි දුරටත් කීය.

sdfwre
මිහින්තලයේ ආරක්ෂාව ගැන පොලීසියෙන් දැනුම්දීමක්

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුයේ, මිහින්තලය පූජා භූමිය සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් කිසිවෙකු ඉන් ඉවත්කර ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව අඛණ්ඩව තවදුරටත් පොලීසිය මිහින්තලය පුදබිමේ ආරක්ෂක කටයුතු රාජකාරීවල නිරතවන බවය.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ මිහින්තලය පුදබිමට ලබාදී තිබූ ආරක්ෂක අංශ සාමාජිකයින් 252ක් අද (10) ඉවත්කරගන්නා බවය.

(මුලාශ්‍ර සටහන : lankadeepa.lk-යොහාන් භාසුර)

සබැඳි පුවත් :
මිහින්තලා පුදබිමෙන් හමුදා භටයන් 252ක් ඉවත් කර ගනී

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්