ආදිවාසී ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාදීමට නව පනතක් ගෙන එනබව

අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ පවසයි.

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළු සදහා ස්ථිර විසදුම් ලබාදීමේ අරමුණින් ආචාර්ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබදව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර වාර්තාවක් සකස් කර තිබේ.

 එම වාර්තාවේ  නිර්දේශ හා යෝජනා පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකවරියගේ ප්‍රධානත්වයෙන් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය, වනජිවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය, මහවැලි අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් අදාළ කමිටුව පත් කර තිබිණ.

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන් ඇතුළු පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබදව කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

වාර්තාව සකස් කිරීම සදහා ආයතන 15 ක් සමග සාකච්ඡා කළ බවත්, ආදිවාසී ජනතාව සුවිශේෂි ජන කොට්ඨාශයක් වුවත් මෙම ප්‍රජාව පිළිබදව නිසි දත්ත පද්ධතියක් නොමැති බව, රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන ආදිවාසී ජනතාව පිළිබදව පවත්වන වැඩ සටහන් ඒකාබද්ධව පැවැත්වීම, ආදිවාසී ජනතාව සම්බන්ධව නිසි දත්ත පද්ධතියක් නොමැති බව, ඔවුන්ගේ ජීවනෝපායන් වන කෘෂි කර්මය, කිරි ගව පාලනය, ධීවර , වනාන්නතරය ආශ්‍රිත රැකියා වන බවත්, විශේෂයෙන් ආදිවාසී ජනතාව පිළිබදව පවතින අවබෝධතා ගිවිසුම යාවත් කාලීන කිරීම ඇතුළු ගැටළු රැසක් හදුනාගත් බවත්, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්.හේරත් විසින් කමිටුව විසින් සකස් කළ වාර්තාවෙහි ඇතුළත් නිර්දේශ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් දැනුවත් කරමින් පැවසුවාය.

මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.


මෙරට ආදිවාසී ජනතාවගේ ගැටළු සදහා තාවකාලික විසදුම්  ලබාදීමෙන් ප්‍රතිඵලයක් නැහැ. ස්ථිර විසදුම් ලබා දිය යුතුයි. ඒ අනුව ආදිවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීමට නව පනත් කෙටුම්පතක් සකස් කළ යුතු වෙනවා. ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඒ තුළින් කටයුතු කළ හැකියි. අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව තවදුරටත් සාකච්ඡා කළ හැකියි. ඒත් සමග ආදිවාසී ජනතාව කරනු ලබන ධීවර, කෘෂි කර්මාන්ත, වන ජීවි ඇතුළු ජීවනෝපාය කටයුතු සදහා අවශ්‍ය නිර්දේශ සකස් කළ යුතුයි. අදාළ පනත තුළින් ආදිවාසී ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට සම්බන්ධ ආයතන සම්බන්ධිකරණය වන පරිදි නීතිමය වශයෙන් බලය සහිත විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කළ යුතුයි. කමිටුව නියෝජනය කරනු ලබන නිලධාරීන් නිල බලයෙන් පත්වන ආකාරයට නිති සකස් කළ යුතු බව ද අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

 

අදාළ පනත් කෙටුම්පත හා ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා වන පරිදි සකස් කරන රෙගුලාසි මාසයක් තුළ සකස් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙරට ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබදව වසර ගනණාවක සිට පවතින බවත්, හිටපු ජනාධිපතිවරුන් ඇතුළු බලධාරීන් අවස්ථා කිහිපයකදී අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් කටයුතු කළ බවත්, තම ප්‍රජාවට පවතින ගැටළු සදහා ස්ථිර විසදුමක් මෙවර ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත්, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් මෙහිදී අදහස් දක්වමින් සදහන් කළේය.

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්.හේරත්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර, යන රජයේ ඉහල නිලධාරීන් මෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

(සටහන -සම්පත් දේශප්‍රිය)

xfgedrt45

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්