ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ

විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ දින දර්ශනයේ මේ බව සඳහන් කර ඇති අතර ඒ යටතේ කාර්ය සාධන නිර්ණායක පිළිපැඳීමෙන් නිදහස් වීම සහ වෙනස් කිරීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ නැවත සකස් කිරීම මෙන්ම ප්‍රවේශය පිළිබඳ සලකා බැලීමට නියමිතය.

ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු පැමිණි එකඟතාවන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබිණි.

එහි පළමු වාරිකය මීට පෙර හිමිව තිබූ අතර අද රැස්වන විධායක කමිටුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවන ණය වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද එකඟතාවකට එළැඹීම සඳහා රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ණයහිමියන් මේ වන විට මූලික එකඟතාවකට එළඹ ඇති බවය.

අදාළ එකඟතා මත ඩොලර් බිලියන 5.9ක පමණ හිඟ රාජ්‍ය ණය ආවරණය වන අතර ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම සහ පොලී අනුපාත අඩුකිරීම පිළිබඳ ණයහිමියන් සමග අවසන් එකඟතාවට එළැඹීමට නියමිතය.

(adaderana.lk)

සබැඳි පුවත් :
IMF ආධාර ප්‍රගතිය හොඳ පැත්තට : ඡන්දය දෙසැ. 12



 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්