සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය,

මහා සංඝරත්නයේ ආශීර්වාද මැද ඊයේ (11) සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය.

වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාවරයා විසින් එම පත්කිරීම සිදුකර තිබිණ.

නව සභාපතිවරයා වැඩබාර ගැනීමේ අවස්ථාවට ඔහුගේ බිරිඳ, දූ දරුවන් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී වී සිටියහ.

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ.චන්ද්‍රසිරි පසුගියදා විශ්‍රාම ගනු ලැබිය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්