වසර 108කට පෙර සිදුවූ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා ජනපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න පත්කර ඇත.

ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනාව එල්ල කරමින්, හෙන්රි පේද්‍රිස් මහතා අත් අඩංගුවට ගත් වහාම යුද්ධාධිකරණය විසින් ඔහුව බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.

අනතුරුව යුද නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ විනිසුරු මඬුල්ලක් විසින් විනිශ්චය කරන ලද අතර ඔවුහු 1915 ජූනි 1 වැනිදා ඔහු චෝදනා වලට වරදකරු සහ දේශද්‍රෝහියෙකු ලෙස තීන්දු කර මරණීය දණ්ඩනය නියම කළහ. කිසිඳු ආකාරයේ අභියාචනයකට ඉඩ නොදී එවකට 27 වියැති  එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා, 1915 ජූලි 07 මරණ දඬුවමට ලක් කරනු ලැබ ඇත.

ඔහුගේ දේහය යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රය පරිසරයක ආදාහනය කර තිබේ.

හෙන්රි පේද්‍රිස් ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව එම ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කරගෙන එතුමාට යුක්තිය ඉටු කිරීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න ගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.


කපිතාන් ඩී. එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස්, කොළඹ නගරාක්ෂක බලකාය (1888 අගෝස්තු 16 - 1915 ජූලි 09) බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම හමුදා නිලධාරියෙකුද විය. බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් ඔහුව 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඝාතනය කරන ලදී. මෙම චෝදනා පසුව අසත්‍ය බව ඔප්පු විය. හෙන්රි පේද්‍රිස් එතරම් තරුණ වියේදී අසත්‍ය චෝදනා ඉදිරිපත් කර ඝාතනය කිරීම තදබල අසාධාරණයක් ලෙස ශ්‍රී ලාංකිකයන් දු‍ටු අතර දේශය වෙනුවෙන් දිවි පිදුවෙක් ලෙස ඔහුගේ මරණය, ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් වූ ගමන ඉක්මන් කර වීමට මෙන්ම එහි ආරම්භක නායකයන් සඳහා අභිප්‍රේරණයද සපයන ලදී.


පසුබිම් කතාව :

Henry Pedris හෙන්රි පේද්‍රිස්

උපත : අගෝස්තු 16, 1888 ගාල්ල
මිය යාම: ජූලි 9, 1915 කොළඹ
උගත් ශාස්ත්‍රාලය : ශාන්ත තෝමස්‌ විද්‍යාලය / රාජකීය විද්‍යාලය

සංවිධානය : ලංකා ආරක්ෂක හමුදාව
කොළඹ නගරාක්‍ෂක බලකාය (CTG)
තනතුර : කපිතාන්

කපිතාන් ඩී. එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස්, කොළඹ නගරාක්ෂක බලකාය (1888 අගෝස්තු 16 - 1915 ජූලි 09) බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම හමුදා නිලධාරියෙකුද විය. බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් ඔහුව 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඝාතනය කරන ලදී. මෙම චෝදනා පසුව අසත්‍ය බව ඔප්පු විය. හෙන්රි පේද්‍රිස් එතරම් තරුණ වියේදී අසත්‍ය චෝදනා ඉදිරිපත් කර ඝාතනය කිරීම තදබල අසාධාරණයක් ලෙස ශ්‍රී ලාංකිකයන් දු‍ටු අතර දේශය වෙනුවෙන් දිවි පිදුවෙක් ලෙස ඔහුගේ මරණය, ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් වූ ගමන ඉක්මන් කර වීමට මෙන්ම එහි ආරම්භක නායකයන් සඳහා අභිප්‍රේරණයද සපයන ලදී.

මුල් දිවිය

Henry Pedris dad Momඩී.ඩී.පේද්‍රිස් (පියා) සහ එම්. පේද්‍රිස් (මව)

හෙන්රි පේද්‍රිස් දරුවන් 5 දෙනෙකුගෙන් යුතු පවුලක බාලම දරුවා ලෙස ගාල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා ඩී. දිසාන් පේද්‍රිස් වු අතර මව මැලීනෝ පේද්‍රිස් වූවාය. හෙන්රි ඔවුන් දෙපළගේ එකම පුතු විය. ඔහුගේ පියා මෙන්ම මාමා වූ එන්.එස්. ප්‍රනාන්දු විජේසේකර දිවයිනේ එකල විසූ ප්‍රධානතම, ධනවත් මෙන්ම බලවත් ව්‍යාපාරිකයෝ වූහ.

පේද්‍රිස් පිටකො‍ටුවේ පිහිටි කොළඹ ඇකඩමියට (පසුව රාජකීය විද්‍යාලය ලෙස නම් වූ) අධ්‍යාපනය සඳහා යොමු වූ අතර, පසුව ශාන්ත ‍තෝමස් විද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු ක්‍රීඩා වලදී දක්ෂතා දැක්වූ අතර හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස විද්‍යාලයේ ක්‍රිකඩ් කණ්ඩායමටද ක්‍රීඩා කළේය. පසුකාලීනව ඔහු නැවතත් රාජකීය විද්‍යාලයට ගිය අතර එහිදීද ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩාවන්හි නිරත විය.

පේද්‍රිස් අමද්‍යප ක්‍රියාකාරිකයෙකු වූ අතර, ඔහුගේ පියා දිනක පේද්‍රිස් විසින් සිය ව්‍යාපාර කටයුතු භාරගෙන ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙකු වේයැයි මහත් බලාපොරොත්තු තබාගෙන සිටියේය.

කොළඹ නගරාක්ෂක බලකාය:

පළමු ලෝක යුද්ධයේ පැතිරීමත් සමඟ බ්‍රිතාන්‍යයන් ලංකා ආරක්ෂක හමුදාව (Ceylon Defence Force) එක් ‍රැස් කර පුහුණු කිරීම් ආරම්භ කළ අතර, කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වූවන්ගෙන් සමන්විත කොළඹ නගරාක්ෂක බලකාය (Colombo Town Guard) පිහි‍ටුවන ලදී. පේද්‍රිස් සොල්දාදුවෙකු ලෙස මෙම බලකායට එක්වීමට තීරණය කළ අතර ඔහු එම බලකායට බැඳුණු ප්‍රථම සිංහල ජාතිකයාද විය.

පේද්‍රිස් ඉතා ඉක්මණින් විශිෂ්ට වෙඩික්කරුවෙකු ලෙස සිය දක්ෂතා පෙන්වූ අතර ඔහුගේ විශිෂ්ට අශ්වාරෝහක හැකියාව නිසා අශ්වාරෝහක ඛණ්ඩයේ අධිකාරී නිලයකට උසස් කරන ලදී. වසරක් ඇතුළත හෙන්රි පේද්‍රිස් කපිතාන් තනතුරට උසස්වීමක් ලැබූ අතර එනිසා මෙන්ම ඔහුගේ ඉමහත් ධනය හේතුවෙන් පේද්‍රිස් බොහෝ දෙනාගේ ඊර්ෂ්‍යාවට බඳුන් විය.


සිංහල මුස්ලිම් කෝලාහලය:

සිංහල මුස්ලිම් කෝලාහලය (1915 කෝලාහලය ලෙසද හැඳින්වෙන) මහනුවරදී බෞද්ධ පෙරහැරකට මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආරම්භ වී රට පුරාම පැතිර ගියේය. ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් රොබට් චාල්මර්ස් සිය පාලනයෙන් ලංකාව ගිලිහේ යැයි යන බියෙන් බ්‍රිගේඩියර් ජෙනරල් මැල්කම්ගේ උපදෙස් පරිදි සිංහල සමාජය වෙත දැඩි පීඩනයක් එල්ල කළේය.


ඒ අනුව 1915 ජූනි 2 වැනිදා යුද්ධ නීතිය පනවනු ලැබූ අතර පොලීසියට සහ හමුදාවට නඩු විමසීමක් හෝ හේතු දැක්වීමකින් තොරව කෝලාහලයට හේතුවන ඕනෑම අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අවසර ලබා දෙන ලදී. එම හේතුවෙන් සිංහලයන් දහස්ගණනක් ඝාතනය වූ බැව් වාර්තා වේ. කොළඹ නගරයට මෙම කලහකාරීන් පැමිණීමත් සමඟ කපිතාන් පේද්‍රිස් සිය වගකීම මැනවින් ඉ‍ටුකරමින් කලහකාරී කණ්ඩායම් කිහිපයක්ම සමඟ සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් වලට පැමිණ නගරයේ ආරක්ෂාව තහවුරු කරන ලදී.

 

කපිතාන් පේද්‍රිස් මෙන්ම ඔහුගේ ධනවත් පවුල කෙරෙහි ඊර්ෂ්‍යා කළවුන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම ඔවුන්ගේ සහචර සිංහලයන්ද විය. ඒ අනුව මෙහෙයවනු ලැබූ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක (ආණ්ඩුකාරයාගේ ප්‍රධාන දේශීය ‍තෝල්කයා සහ උපදේශක වූ) විසින් පිරිස් කපිතාන් පේද්‍රිස්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුගේ වැඩ තහනම් කරවීමට ක්‍රියා කළේය.

එම පිරිස් එල්ල කළ චෝදනා වුයේ කපිතාන් පේද්‍රිස් මුස්ලිම් ජාතිකයන් කණ්ඩායමකට වෙඩි තැබූ බව සහ පෑලියගොඩ සිට කොළඹ දක්ව පාගමනකින් ඒමට සිංහල ජාතිකයන් පිරිසක් පෙළඹවූ බවයි. මෙම චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟම ඉතා ඉක්මණින් කපිතාන් පේද්‍රිස්ව අත් අඩංගුවට ගන්නා ලදී.

ඔහුගේ අත් අඩංගුවට ගැනීමත් සමඟම අරගලයයක් ඇති වේ යැයි බිය වූ බ්‍රිතාන්‍යයන් 80 කටත් අධික මුල් පෙළේ සිංහල නායකයන් ‍රැසක් සිරගත කරන ලදි, එම සිරගත කළවුන් අතර ඩී.එස්. සේනානායක, එඩ්වින් විජේරත්න, වෛද්‍ය කැසියස් පෙරේරා, ඊ.ටී. ද සිල්වා, එෆ්.ආර්. ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය, ඒ.එච්. මොලමුරේ යන අයද විය.

අභාවය:

හෙන්රි පේද්‍රිස් අත් අඩංගුවට ගත් වහාම යුද්ධාධිකරණය විසින් ඔහුව බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී. පේද්‍රිස් යුද නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ විනිසුරු මඬුල්ලක් විසින් විනිශ්චය කරන ලද අතර ඔවුහු 1915 ජූනි 1 වැනිදා ඔහු චෝදනා වලට වරදකරු සහ දේශද්‍රෝහියෙකු ලෙස තීන්දු කර මරණීය දණ්ඩනය නියම කළහ. මරණ දණ්ඩනය ලබාදෙන දිනය කිසිඳු ආකාරයේ අභියාචනයකට ඉඩ නොදී 1915 ජූලි 07 ලෙස නියම කරන ලදී.


පුරාවෘත්තය:


කපිතාන් පේද්‍රිස්ගේ ඝාතනය ලංකා නිදහස් අරගලය මෙහෙයවූ අනෙක් නායකයන් කෙරෙහි කරන ලද අනතුරු හැඟවීමක් ලෙස සලකන ලදී. ඝාතනයෙන් පසු පේද්‍රිස්ගේ ලේ වැකුණු පු‍ටුව ඩී.එස්. සේනානායක ඇතුළු සිංහල නායකයන් ‍රැසක් සිරගත කර සිටි කුටිය වෙත ගෙනගොස් ඔවුන් ඊළඟ ඉලක්කය වන බව සඳහන් කරමින් පෙන්වීමට බ්‍රිතාන්‍යයෝ කටයුතු කළහ.

 

බොහෝ පුද්ගලයන් සඳහන් කරන අන්දමට පේද්‍රිස් ඝාතනය සහ ඉන්පසු බ්‍රිතාන්‍යයන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් ලංකා නිදහස් අරගලය, විශේෂයෙන් උගත් මධ්‍යම පාන්තිකයන් ක්‍රියාකාරී විසින් දායකත්වය සපයමින් ආරම්භ වීමට හේතු විය. ඔවුන්ගේ ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට 1948 දී නිදහස ලැබිණි. පේද්‍රිස් ඝාතනය හා සමඟ එල්ල වූ විරෝධතා නිසා ආණ්ඩුකාර චාල්මර්ස් () එම ධූරයෙන් පහ කර අයර්ලන්තයේ විල්බෝර්න් සාමිවරයා යටතේ ලේකම් තනතුරට පත් කරන ලදී. ඊට අමතරව මුදලිවරුන් සතුව තිබූ බලතල 1938 දී දේශීය දෙපාර්තමේන්තුව වසා දැමීමෙන් අනතුරුව ඉවත් විය.

මූලාශ්‍ර:

Turning point in freedom struggle , by Dr. H.N.S. Karunatilake The Sunday Times

In defence of Empire, by Sergei DeSilva-Ranasinghe The Sunday Times

(උපුටා ගැනීම් - විකිපීඩියා වෙතින්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image