රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වාදීම සඳහා කැබිනට්

අනුමැතිය ලැබී ඇත.

මෙරට බන්ධනාගාරවල පවතින තදබදය දීර්ඝකාලීන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

එම ගැටලුවට පිළියමක් වශයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට, බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතුවල සැකකරුවන් සහ වැරැදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට නීති ප්‍රතිපාදන හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.

එකී නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම්ව යෝග්‍ය නීති හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්