සුවසැරිය ආසියාවේ පළමු වරට AI තාක්ෂණයෙන් (Artificial intelligence) ගිලන්රථය ඒකාබද්ධ කරමින් දැවැන්ත පිම්මක් ඉදිරියට තැබූ බව

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. 

ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසිය. 

 

"1990 සුවසැරිය අද සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණියා. ඒ තමයි, ආසියානු කලාපයේ පළමු වරට ගිලන්රථ සේවාවක් මික්ස්ඩ් රියැලිටි සහ AI තාක්ෂණය භාවිත කර ගිලන්රථය තම වෛද්‍යවරයා සමඟ ඒකාබද්ධ කිරීම. මිට කලින් මෙම ඒකාබද්ධතාව සිදුවුනේ දුරකත මගින්. මේ නිසා, සුවසැරියේ ජිවිත බේරා ගැනීමේ මෙහෙයුම තව තවත් ශක්තිමත් වෙනවා.  

 

මේ සඳහා සුවසැරිය සමග අත්වැල් බැඳගෙන සිටින වේව්නෙට් සමාගමටත් තාක්ෂණික දායකත්වය ලබාදෙන මයික්‍රෝසොෆ්ට් සමාගමටත් මා ස්තුතිවන්ත වනවා. මෙය නියමි ව්‍යාපෘතියක් ලෙස මුලින්ම කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර පසුව දිවයිනේම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර, සුවසැරිය සේවකයන්ටත් 10,000 ජිවන වියදම් දීමනාව ලබා දෙන්නයි මා කළ ඉල්ලීම ඉටුකරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මෙම අවස්ථාවේ දී සඳහන් කළා. 

 

1990 සුවසැරිය ක්‍රියාන්විතයට ස්වේච්ඡාවෙන් නායකත්වය ලබාදෙන දුමින්ද රත්නායක මහතාටත්, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතාටත්, දිවා රෑ කැපවී රට වෙනුවෙන් උතුම් සේවාවක් සිදු කරන කාර්ය මණ්ඩලයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් මා ප්‍රමාණය පුද කරනවා."


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්