දෙමළ මහවිරු සමරු කඩාකප්පල් කිරීමට වෙහෙස වුනු පොලිසිය සමරු වාර්තා කළ මාධ්‍යවේදීන් හඹා යාමට පටන්ගෙන තිබේ.  

දෙසැම්බර් 8 වැනිදා උදෑසන වාලච්චේන පොලිස් ස්ථානයට කැඳවන ලද අයි.බී.සී ටැමිල් මාධ්‍ය ආයතනයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වාර්තාකරුවකු වශයෙන් කටයුතු කරන ලෙච්චුමනන් දේවප්‍රදීපන්ගෙන් ඔහු යතුරු පැදියේ ගමන් කළේ ඇයිද කියාද ප්‍රශ්න කොට ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

මාධ්‍යවේදියා රාජකාරි සදහා ගමන් කිරීමට භාවිත කරන යතුරු පැදියේ ලියාපදිංචි සහතිකයද පොලිස් ස්ථානයට රැගෙන එන ලෙස දැනුම් දී තිබු අතර එහිදී ඔහුගෙන් වාලච්චේන පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ නොවැම්බර් 27 වැනිදා මඩකලපුව තරවෙයි මහවිරු සුසාන භුමියේ පැවැති අනුස්මරණය සම්බන්ධයෙනි.

 ශ්‍රී ලංකා හමුදා විසින් 2009 වසරේදී සහමුලින්ම විනාශ කරන ලද මඩකලපුව තරවෙයි මහවිරු සුසාන භුමිය සරසා තිබු රතු සහ කහ පැහැති කොඩි නොවැම්බර් 27 වැනිදා අනුස්මරණය ආරම්භක අවස්ථාවේ ගලවා ඉවත් කළ පොලීසිය අනුස්මරණ කමිටුවේ ප්‍රධානියා ඇතුළු හය දෙනකු ද එදින අත්අඩංගුවට ගෙන තිබුනි.

එම බාධා කිරීම සමාජ මාධ්‍ය ඇතුළු දෙමළ ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වී තිබුණි.  

නොවැම්බර් 27 වැනිදා යතුරු පැදියෙන් ගමන් කලේ කොහේදැයි වාලච්චේන පොලිසිය දෙසැම්බර් 8 වැනිදා මාධ්‍යවේදී ලෙච්චුමනන් දේවප්‍රදීපන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහු එහිදී සඳහන් කර ඇත්තේ සිය වාර්තාකරණ කටයුතු සදහා මඩකලපුව තරවෙයි සුසාන භුමියට ගිය බවයි.

ඉන් අනතුරුව “තරවෙයි සුසාන භුමියට ගියේ ඇයි, තරවෙයි සුසාන භුමියට පැමිණෙන ලෙස ඔබට ආරාධනා ලැබු තිබුනාද, මීට ඉහත වර්ෂවලදීත් ඔබ තරවෙයි සුසාන භුමියේ අනුස්මරණ වාර්තා කර තිබේද, තරවෙයි සුසාන භුමියේ එදින සිදු උනේ මොනවාද, තරවෙයි සුසාන භුමියේ මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන් කර තිබේද,” යනාදී ප්‍රශ්න නැගු බව මාධ්‍යවේදියා පළාත් බද වෘත්තීය සගයන් සමග පවසා තිබේ. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්