අනාගතයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ආණ්ඩුවක් ඇති වුවහොත් දැනට පවතින රාජ්‍ය ක්‍රමය අහෝසි වී පක්ෂ මුලික රාජ්‍යයක් ඇති

වෙතැයි දේශපාලන විචාරකයකු අනාවැකි පළ කර තිබේ.

සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න හා සංවාදයකට එක්වු දේශපාලන විචාරක විපුල කරුණාතිලක පෙන්වා දෙන්නේ එය භයානක රාජ්‍යයක් බවයි.

“ජනතා විමුක්ති පෙරමුණ බලය ගත්ත ගමන්ම රාජ්‍ය අහෝසියි. රාජ්‍ය වෙන්නෙ පක්ෂය. අන්න ඒකයි භායානක. රාජ්‍ය වෙන්නෙ පක්ෂය. දැන් චීනය ගත්තහම චීනයේ රාජ්‍ය තමයි පක්ෂය කියන්නෙ, එහේ කණ්ඩායම් 2ක් ඉන්නවා. නිලධාරි ඉන්නවා පක්ෂය ඉන්නවා. මේවා  The Economist සගරාවේ චිනය ගැන ලියන ලිපි කියවන්න කියලා මම කියනවා. මම මේ කියන මගේ හිතළු නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමතෙක් ඉන්නවා නම් කියන්න පුළුවන් නම් නෑ නෑ අපි එහෙම නෙමෙයි. මම කියන්නෙ මෙන්න මේක තමයි ක්‍රමය, ජනතා විමුක්ති පෙරමුණේ පහුගිය කාළේ අමාත්‍යංශ ගත්තමත් තිබ්බේ මේ ක්‍රමයම තමයි. පුළුවන්නම් නෑ කියන්න. මේගොල්ලෝ නිලධාරි පාලනය කරනවා. පක්ෂයේ කට්ටිය ඇවිල්ලා නිලධාරින්ගෙන් ප්‍රශ්ණ කරනවා. නිලධාරින්ට 4.30 - 5.00 ගෙදර යන්න වෙන්නැ, මේක තමයි භායානකම.”

රාජ්‍ය බලය ගැනීම යනු රජයේ හමුදා මෙහෙයවීම හා රජයේ සන්නද්ධ අංශ තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

ඔහු පවසන පරිදි වරදක් කළ තැනැත්තෙකුට දඬුවම් පනවන ආකාරය ද ජවිපෙ රාජ්‍ය පාලනයක් යටතේ වෙනස් විමේ අවදානමක් ද පවතී.

“මම ජනාධිපති වුණා කියලා මට බැහැනෙ ඔයාව හිරේ දාන්න. ඔයාව හිරේ දානවා නම් හිරේ දාන ක්‍රමයක් ආණ්ඩුක්‍රම ව‍්‍යවස්ථාවෙත් තියෙනවනෙ, නඩු අහලා එහෙමනෙ දාන්නේ නිතිපති දෙපාර්තුමේන්තුව නඩු දාලා එහෙමනෙ. දැන් මේකේ විශේෂය තමයි ඒගොල්ලෝ ගේනවා සමන්ත විද්‍යාරත්න කියනවා මොන හිරේට ද දාන්න ඕනෙ, එයා දාන්නද අගුණුකොලපෑලෑස්සට. ඒගොල්ලොන්ට සුදු අන්දමු. සුදු අන්දනවා නම් කොටට අන්දමු. ඔන්න ඔයවගෙ කතා කියනවනෙ, අන්න ඒක තමයි භයානකම. අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් වරදක් කරානම් දඩුවම් කරන විදිහක් තමයි ශිෂ්ට සාමාජය. මේක නෙමෙයි. මේකෙන් අපිට පෙන්නුම් කරන දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ බලය ගත්ත ගමන්ම රාජ්‍ය අහෝසියි. රාජ්‍ය වෙන්නෙ පක්ෂය. අන්න ඒකයි භායානක.”

තමන් පවසන ආකාරයට ජවිපෙ බලය ලබාගතහොත් රාජ්‍ය ක්‍රමය වෙනස් වන ආකාරය එසේ නොවන බව හැකි නම් ප්‍රකාශ කරන්නැයි එම පක්ෂයේ සිටින බුද්ධිමතුන්ට ඔහු අභියෝග කළේය.

බලය තමන් අතට පත්වීමට පටන් ගන්නා මෙහොතේම ජවිපෙ ගුවන් තොටුපළවල් වසා දමන බවට අනවැකි පළ කළ දේශපාලන විචාරක විපුල කරුණාතිලක ජවිපෙ රජයක් පිහිට වුවවොත් තමන්ද රටෙන් පිටව යන බව මෙම සංවාදයේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්