දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ, ගාල්ල, බදුල්ල, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බවයි.

අන්තර් මෝසම් වැසි හේතුවෙන් මහනුවර ප්‍රදේශයෙන්ද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර ඩෙංගු මර්දන වැඩසටහන් එම ප්‍රදේශයේ පැවැත්වුවද රෝගීන් වාර්තා වීමේ අඩුවක් නොමැති බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

දැනට දිවයින පුරා ඩෙංගු රෝගීන් 80,000 සීමාව ඉක්මවා තිබේ. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

මෙම භයානක ඩෙංගු තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා වහාම අමාත්‍යාංශ කිහිපයක් බලමුලු ගන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

සබැඳි පුවත් :
තත්ත්වය බරපතලයි ! - වහාම ක්‍රියාත්මකවන පරිදි ඩෙංගු මර්ධන මෙහෙයුමක් !


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්