අද (14) මධ්‍යම රාත්‍රීයේ දී ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.


මිථුන තාරකා රාශිය ආශ්‍රිත දක්නට ලැබෙන බැවින් ජෙමිනිඩ් ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවිය හරහා ගමන් කිරීමේ දී සිදු වන බව සඳහන්ය.

ඒ අනුව පැයකට උල්කාපාත 130-140ක් වැනි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

 

වසරේ ආකර්ශනීයම උල්කාපාත වර්ෂාවක් වන ජෙමිනිඩ් නොවැම්බර් අග සිට සක්‍රීය වී ඇති අතර, එහි උච්චතම අවස්ථාව මෙම සතිය තුල දී සිදු වන බවයි පැවසෙන්නේ.

 

උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා වඩාත් සුදුසු වේලාව වන්නේ රාත්‍රී 11 සිට උදෑසන 3 අතර කාලය යි. එසේම එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ද හැකියාව ලැබේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්