මුලතිව හා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවල පවත්වන ලද හා යාපනය කච්චේරියේ පැවැති දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන

සම්බන්ධිකරණ රැස්වීම්වලට සහභාගි වු රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න විසින් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූර්ණ කාර්යාලය හා ඇති කිරීමට නියමිත සත්‍ය හා සංහිදයා කොමිසමට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්, එම සංහිඳියා යාන්ත්‍රණ සමඟ එක්ව කටයුතු කර, වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමටත්, නැවත එවැනි යුද්ධයක් ඇතිවීමට බලපෑ හැකි කරුණු සම්බන්ධයෙන් එම යාන්ත්‍රණ දැනුවත් කර ඒ සඳහා පිළියම් ලබා ගැනීමට සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.

වෙනදාට වඩා උනන්දුවකින් රාජ්‍ය නොවන සංවිධාන එම රැස්වීම් සඳහා සහභාගී වී තිබීමත්, සංවිධාන කිහිපයක් හැරුණු කොට සියලුම සංවිධාන මෙම රැස්වීම්වල සහභාගි වී, ඔවුන් මේ දක්වා කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී  වැඩසටහන් හා ව්‍යාපෘති පෙළ ගැසිය යුතු ආකාරයත්, එවායෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණ හා සම්බන්ධව කටයුතු කිරීමත්, රාජ්‍ය නොවන සංවිධාන අතර සම්බන්ධිකරණයක් පවත්වාගෙන සම්පත් බෙදා ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය මග පෙන්වීම මෙහිදී සිදු කරන ලදී.

මෙම රැස්වීම පැවැත්වූ ආකාරය, සහභාගීකර තිබු නිලය හා කාලය කළමනාකරණය කිරීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රැස්වීම් මෙහෙයවීම සම්බන්ධයෙන් පැමිණ සිටි රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මෙන්ම රජයේ නිලධාරීන්ගේද මහත් පැසසුමට ලක්විය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්