හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට

එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය කළහ.

මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ පරමාධිපත්‍ය නායකයා ලෙස හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ යෝජනා කළ අතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු එම යෝජනාව ස්ථිර කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.00ට  ආරම්භ විය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු විශාල පිරිස සම්මේලනයට එකතු වී සිටියේය. රටේ සිව්දෙසින් පැමිණි පක්ෂයේ නියෝජිතයෝ 5000 ක් පමණ මෙම සම්මේලනයට එක්ව සිටියහ. 

 
''අපි නිවටයෝ කියලා හිතන්න එපා ''

පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනය අමතමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසුයේ, අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි.

"අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු..." යයි ඔහු අවධාරණය කළේය.

එය නිසැකයෙන්ම එඩිතර ආණ්ඩුවක් බවට පත්කර ගැනීමට සියලුදෙනාම එක්විය යුතු බව ද අවධාරණය කර සිටි බැසිල් රාජපක්ෂ, මේ රටේ ජනතාව මරණ බියෙන් ගලවා ගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණක් බව ද අවධාරණය කළේය.

නොයෙක් තර්ජන මද්දයේ සමුළුවට පැමිණි සියලුදෙනාටම ස්තූතිය පළ කර සිටි බැසිල් රාජපක්ෂ, ආරක්ෂාකාරීව ගම්බිම් බලා පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එයට අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බවත් පැවසීය.

"ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා..."

 
''මේ රටේ සියයට තුනක් කුහකයෝ''  – සාගර කාරියවසම්

මෙරට දරුවන්ගෙන් සියයට තුනක් කුහකයන් ලෙස උපදින බව සම්මේලනයේ පිළිගැනීමේ කතාව කරමින්, පොහොට්ටු පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසිය.

එසේ උපදින සියයට තුන කිසිදු වැඩක් හෝ රැකියාවක් නොකර, අනුන්ගෙන් යැපෙමින් ජීවත්වන අතර, රට වෙනුවෙන් කටයුතු කරන සියලු දෙනාට ‘හොරා’ යැයි පවසමින්, අවලාද නගමින්, බොරු චෝදනා නගමින් ජීවත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම සියයට තුන ‘අනගාරික ධර්මපාලතුමාගේ කාලයේත්’ සිටි බවත්, ‘එතුමාට හොරා’ කියූ බැවින් ඔහු ඉන්දියාවට ගොස් පැවිදි දිවියක් ගතකර අපවත් වූ බවත්, මහලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය. 

  000pp 1

000pp 2

000pp 3

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්