දිවි දෙවැනිකොට රැකගත් අප මාතෘභූමිය කිසිවෙකුගේ හෝ වුවමනාවකට කෑලිවලට කඩා ආපස්සට ගැනීමට කිසිඳු ඉඩක් නොතබන බව ශ්‍රී ලංකා

පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අවධාරණය කරයි.

මෙය අප සියලු දෙනාගේම උපන් බිම බව පෙන්වාදෙන හිටපු ජනාධිපතිවරයා, තිස් අවුරුදු යුද්දයේ දි මේ රටේ කිසිම නායකයෙකුට ප්‍රභාකරන් සමඟ මුහුණට මුහුණා යුද්ධ කිරීමට නොහැකි වූ බවද එසේ පැවැති යුද්ධයක් තවත් නායකයෙකුට ඉතිරි නොකිරීමට තමන් වගබලා ගත් බවද සිහිපත් කරයි.

ඔහු මේ බව සදහන් කළේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී ඊයේ (15) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම සම්මේලනය පස්වරු 3.30 ට ආරම්භ වූ අතර මෙරට සෑම මැතිවරණ කොට්ඨාශයක්ම නියෝජනය කරමින් 10,000 ට ආසන්න පිරිසක් ඒ සඳහා සහභාගි වීම විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ මහින්ද රාජපක්ෂ මෙසේ පැවසිය.
410516616 898594288299434 5766198791951555576 n
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට පැමිණි ඔබ සියලුදෙනා මා නැවතත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ සියලුදෙනා තමයි අපේ පක්ෂයේ ශක්තිය. ඒ වෙනුවෙන් ඔබ අපේ විශ්වාසය හැමදාමත් ආරක්ෂා කළ බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන.

 පහුගිය අවුරුදු හත පුරාවට ඔබ කරපු කැප කිරීම් අපි දැක්කා. පක්ෂෙට වගේම රටට ආදරය කරන මිනිස්සු විදියට ඔබ ඉතා ඉවසිලිවන්තව කටයුතු කළා. එහෙම නොකළ නම් සමහරවිට අද තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.

 
දැන් බලන්න අපේ සම්මේලනය තියෙනවා කිවුවමත්, සමාජ මාධ්‍ය යොදාගෙන අපිට ඇති තරම් මඩ ගැහුවා. ඒ ගහපු මඩවලට ඔබ තමුන්නාන්සෙලා අද හොඳ පණිවිඩයක් මුළු රටටම දීලා තියෙනවා. හොඳට මතක තියාගන්න අපි 2005 දි රට භාරගන්න කොටත් අපිට මඩ ගැහුවා. එදා රටේ ජනතාව අපෙන් ඉල්ලුවේ රට දෙකඩ වෙලා ඊළම හැදෙන එක නවත්වන්න කියලා විතරයි. ඔබ දන්නවා තිස් අවුරුදු යුද්දෙ දි මේ රටේ කිසිම නායකයෙක්ට ප්‍රභාකරන් එක්ක මුහුණට මුහුණ යුද්ධ කරන්න බැරිවුණා.

සමහර නායකයො යුද්දෙ නවත්වන්න කියලා ප්‍රභාකරන්ට ආයුධ පවා දුන්නා. ඒ ආයුධවලින්ම ප්‍රභාකරන් අපේ රණවිරුවන්ට වෙඩි තිවුවා. එහෙම තිබුණ යුද්ධයක් තව නායකයෙකුට අපි ඉතිරි කළේ නැහැ. සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාවට සාමකාමී රටක සහජීවනයෙන් ජීවත්විය හැකි සාමය අපි මේ රටට නිර්මාණය කරලා දුන්නා.

එදා 2009 යුද්ධය අවසන් උන කාලයේ යුද්ධයක් ගැන මතකයක් නැති දරුවන් අද තරුණයන් ලෙස මේ රටට සමාජගත වෙමින් ඉන්නවා. මේ තරුණයන්ගෙ අම්මලා තාත්තලා වැඩට යන්න පිටත්වෙලා දෙන්න එකම බස් එකේ නොයා රස්සාවට ගිහිං, මේ දරුවො පාසල් ඇරිලා ගෙදර එනකම් මර බියෙන් හිටියා කියලාවත් මේ අය දන්නෙ නැහැ. ඒ නිසා ඒ තරුණයන්ට අපට චෝදනා කරන්නත් බැහැ. මේ දරුවො රවට්ටගෙන තමන්ගෙ දේශපාලන අවශ්‍යතා සපුරාගන්න උත්සාහ කරන පිරිසක් දැන් ඉන්නවා. මේ අය තමයි රටට සාමය උදාකළ රණවිරුවන් පවා හෑල්ලුවට ලක් කරන්නෙ. ඒ විතරක් නෙමෙයි ඔවුන් දේශීය මෙන්ම ජාත්‍යන්තර බලපෑම් කණ්ඩායම්වලට අහුවෙලා තමන්ගෙ රටටම වින කරනවා.

410491115 898594408299422 5198523633818803631 n
ඒ නිසා තමයි අපි කියන්නෙ එදා වගේම අදත් මේ රටට තියෙන බලපෑම්වල අඩුවක් නැහැ කියලා. බලන්න දැන් සමහර අය අපේ කාලයේ ආර්ථිකය ගැනමයි කතා කරන්නෙ. අපි ජනතාව ඉදිරියේ වරදකරුවො කරන්න අහස පොළව ගැටගහනවා. හැබැයි මේ අය හදන්නෙ අපට චෝදනාව දාලා බේරෙන්න. 2006-2009 අවුරුදුවල යුද්ධයක් තියාගෙනත් අපි රටේ ආර්ථික වර්ධන වේගය සියයට හයක තියාගත්තා. එදා ඒක අමාරු වැඩක්. මේ වර්ධනය 2014 වෙනකොට සියයට 6.8 ක් දක්වා ඉහළට ගේන්න අපට හැකියාව ලැබුණා. අවශ්‍ය අයට මහ බැංකුවේ සංඛ්‍යා ලේඛනවලින්ම මේක බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2005 දි, ඇ.ඩො 1242 වෙච්ච ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය 2015 වෙනකොට ඇ.ඩො 3819ක් දක්වා අපි තුන්ගුණයකින් ඉහළට ගෙනාවා. 1948 ඉදන් ගත්තත් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඒ තිබුණු සියලු ආණ්ඩුවලට වඩා දෙගුණයකින් වැඩිකරන්න පුළුවන් උනේ අපට විතරයි. මේ තොරතුරු දන්නෙ නැති පිරිසක් තමයි මේ කයියනායකලා මග යමින් ඒ කණ්ඩායමට අහුවෙලා බොරු ප්‍රචාර කරන්නෙ.

 එයාලා හැමදාම කරේ විවේචන විතරයි. හැබැයි වැඩ නෑ. වැඩ නෑ නෙමෙයි වැඩ බෑ. හැබැයි පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් එයාලට හොඳට ගිනි තියන්න පුළුවන්. හැබැයි ගිනි තියන්න පුළුවන් උනාට ගිනි ගිනි නිවන්න පුළුවන් කමක් නෑ. අර ගස් නගින්න පුළුවන් පූස් පැටව් වගේ. නගින්න දන්නවා. බහින්න දන්නෙ නෑ.

ඔබ තමුන්නාන්සෙලාට මතක ඇති සංවර්ධනයක් කියලා නාමයක් නැති මුඩු බිමක් සංවර්ධන මාවතට ගන්න අපි එදා 2005 ඉඳන් විශාල පරිශ්‍රමයක් ගන්නවා. එදා අධිවේග මාර්ග හදනකොට ඒක මට ඇඹුල් තියල් ගේන්න හැදුවා කිවුවා. කාන්තාරවල හයිවේ හදන්න මේ හයිවේ හදන්න යන වියදමෙන් භාගයයි යන්නෙ කිවුවා. සමහරු මේ වගේ කතා ඇහුණම ඒවා ඔලුඋඩ තියාගත්තා. සමහරු හොයලා බැලුවා. මෙහෙම චෝදනා අපහාස විදගෙනත් අපි ෆුට් බයිසිකලයක්වත් නැති ගමේ ගෙවල්වලට රෝද තුනේ හතරෙ වාහන ගේන යුගයක් නිර්මාණය කරලා දුන්නා. රටේ මධ්‍යම පන්තිය වැඩිවුණේ එහෙමයි. ඒ විතරක් නෙමෙයි, දුප්පතුන් කියන සමාජ නිර්නායක අයින් කරන තැනට අපි ක්‍රියාත්මක වුණා.

විදෙස් ආයෝජනවලින් අලුත් කර්මාන්තශාලා ඇතිවුණා. මංවාවත් දියුණු කළා. කෘෂිකාර්මික නවෝදයක් ඇති වුණා. මේ හැමදේකින්ම රටට සංවර්ධනයක අරුණළු වැටෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ තමයි 2015 දි රටේ ඇතැම් පිරිසකට වෙනසක් ඕන උනේ. එහෙම වුණා ද නැද්ද? ඒ වෙනස ඇවිල්ලා කරපු දේ තමයි අර ආර්ථික වර්ධන වේගය සියයට සෘණ  0.2ක් වෙනකම් පල්ලම් බැස්සුවා. ආර්ථිකය දන්න අය දන්නවා. 2015-2019 කාලයේ තමයි මේ රටට ඔරොත්තු නොදෙන තරම් විදේශ ණය විශාල ප්‍රමාණයක් ලබාගත්තෙ කියලා. මේවා සමහර මිනිස්සු අදත් දන්නෙ නැහැ. දුර දිග නොබලා ගත්ත ඒ වගේ තීරණ නිසා රට අමාරුවේ වැටුණා. මේ විදියට බිඳවැටුණු ආර්ථිකයක් තිබුණු රටක් නැවත ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි අපි නැවත භාරගත්තෙ. අපි කවුරුත් නොහිතපු විදියට එදා කොවඩ් 19 බලපෑම ආවේ ඒ වගේ බිඳවැටුණු ආර්ථික පසුබිමක් තිබුණු රටකට. හැබැයි ඒ වෙනුවෙන් තීන්දු ගන්නවා හැරෙන්න අපට විකල්පයක් තිබුණෙ නැහැ. ඒ නිසා යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක නවත්වපු අපි කොවිඩ්වලින් මිනිස්සු මැරෙන එක නවත්වන්න වැඩ කළා.

අපි කොවිඩ් අභියෝගය ජයගත්තට, ඒ කාලය තුළ අර ඊට කලින් ආපස්සට ගිහිං තිබුණ රට, නැවත ගොඩගන්න විශාල ප්‍රයත්නයක් දැරුවා. ඒ අභියෝගයත් අත්නොහැර සිටින වෙලාවක තමයි. අර ජනතාව කුපිත කරපු ව්‍යාපාරය ආරම්භ උනේ. එතැන් පටන් සිද්ධ වුණ දේවල් ඔබ තමුන්නාන්සෙලා දන්නවා. ඒ නිසා, බොරුව ජනගත කරන්න උත්සාහ කරන කණ්ඩායම් හමුවේ අපි තවත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැහැ. සමහරු අද මේ විදියට හැසිරෙන්නෙ ඇයි කියලා ඔබ දන්නවා. සමහරු බලය ගන්න කලින්ම සූට් මහලා ඉන්නෙ. මේ සූට් මහලා ඉන්න කවුරුවත් රට අමාරුවේ වැටිච්ච වෙලාවේ සූට් එක ඇන්දෙ නෑ. තව ණය තියෙන නිසා ගන්න බෑ කිවුවා සමහරු කිවුවා. දැන්ම ගත්තම තමන්ගෙ ධුරයේ ගොඩක් කල් ඉන්න බැරිවෙයි කියලා සමහරු මගෑරියා. මේ වගේ ලෝකෙට පරකාසෙ නායකයො තමයි අද ජනතාවගෙන් එයාලට බලය දෙන්න කියලා ඉල්ලන්නෙ. එහෙම නායකයන්ට මේ රට බාරදෙන්න ඔබ සුදානම් ද ? අපි කවුරුත් ඒ වගේ නායකයන්ට මේ රට භාර දෙන්න සූදානම් නැහැ. ජනතාවගෙන් ඇහුවත් කියන්නෙ ඔය කතාවම තමයි.
36956197 0951 42b2 8216 a2c9fa030f3b

 ඒ නිසා මේ රට නිවැරදි මාවතට අරගෙන යන්න රටේ ජනතාවට දැනෙන දේශපාලනයක් අවශ්‍යයි. අපේ පක්ෂය කියන්නෙ ඉතා කෙටි කලක් තුළ රටේ දැවැන්ත පෙරළියක් කරපු පක්ෂයක්. අපේ සාමාජිකයොන්ට එදා වගේම අදත් ඒ හැකියාව ඒ ශක්තිය ඒ විදියටම තියෙනවා. ඒ නිසා මොන බලවේග ආවත් හෙට දවසෙත් රටේ ප්‍රබලම බලවේගය නියෝජනය කරන්නෙ අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා ඔබ තමුන්නාන්සෙලාට අපි විශ්වාසයෙන් කියනවා. ඒ නිසා ඊළඟ මැතිවරණයක අපේ කඳවුර තමයි බලවත්ව කඳවුර වෙන්නෙ. ඒ කඳවුර ශක්තිමත් කරන්න ජාති ආගම් කුල බේද නැතිව අපිත් එක්ක එකතුවෙන්න කියලා මේ රටේ ජනතාවට වගේම දේශපාලන පක්ෂවලටත් අපි ආරාධනා කරනවා.

 
මට මතකයි එදා 2016 දි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන්න මාත් එක්ක මුලින් කතා කරපු දවස. එදා මම ඒ යෝජනාවට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. මොකද අලුතින් පක්ෂ හදනවට වඩා අපේ බැඳීම තිබුණ පක්ෂයෙන් ඉදිරියට යන්න තිබුණ නම් කියලා අපි කල්පනා කළා.

හැබැයි ඒ ගමනට හරස් කපනකොට අපට තිබුණ විකල්පය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. බැසිල් රාජපක්ෂ මහතා එක්ක මේ පක්ෂය නිර්මාණය කරන්න ගොඩනගන්න කණ්ඩායමක් හිටියා. ඒ හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ. ඒ ගමනට සහය දෙන පක්ෂ රැසක නියෝජිතයො අදත් මෙතන ඉන්නවා. මෙතන නැති අයත් ඉන්නවා. ඒ හැමෝම ගෞරවයෙන් මතක් කරනවා. එදා අලුත් පක්ෂයකට ඉඩක් නෑ කියද්දි තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂය නිර්මාණය කරලා කතා කියපු අයට මනාපවලින් උත්තර දෙන්න ගත්තෙ. අදත් ඒ සංවිධාන ශක්තිය එක්ක හැරෙන්න පුළුවන් පක්ෂයක් මේ රටේ නිර්මාණය වෙලා නෑ කියලා ඔබ තමුන්නාන්සෙලාට බොහොම අභිමානයෙන් කියන්න පුළුවන්. එදා අපිට ඡන්දෙ දීපු, අපිත් එක්ක හිටපු ජනතාවට සාධාරණයක් ඉටු කරන්න අපිට බලය යම් මට්ටමකින් හෝ අතහරින්න සිදුවුණා. රට වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරපු පක්ෂයකුත් ඉතිහාසයේ තවත් නැහැ. අදටත් හොරකම දූෂණය ගැන මතක් කරලා රාජපක්ෂලා ඒවට ගාවලා බොහෝ දෙනෙක් අතපිස ගන්නවා.
410326722 898594578299405 2938401617975701790 n

 අපි දන්නවා මිනිස්සු අපට මඩ ගහනවා. හැබැයි ඒ මඩ අපි ආයේ ආයේ අල්ලන්න ලෑස්ති නෑ. ඒ විතරක් නෙමෙයි ඒ මඩ ගාව නවතින්නත් අපි ලෑස්ති නැහැ. අපිට මේ රට වෙනුවෙන් ඉලක්කයක් තියෙනවා. මේක අපි හැමෝගෙම මාතෘභූමිය. අපි දිවි දෙවැනිකොට රැකගත් රට. ඒ නිසා මේ රට කාගේ හරි උවමනාවට කෑලිවලට කඩලා ආපස්සට ගන්න අපි ඉඩ තියන්නෙ නැහැ කියලා විශ්වාසයෙන් කියනවා. ඒ වගේම මේ රට හමුවේ තිබෙන අනාගත අභියෝග ජයගත හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව අපි අද මේ රට හමුවේ නොබියව ප්‍රකාශ කරනවා. ඒ විශ්වාසය ඇතිව අද පටන් අපට වැඩ කරන්න පුළුවන්.

 
එදා අරගලයෙන් නැත්තට නැතිවෙන්න ගියපු රටක් බේරුණා නම් බේරුනේ ඔබ දුන්න ජනවරම නිසයි. ඒ ජනවරම ආරක්ෂා කරගෙන රට වැටෙන්න ගියපු ආගාධයෙන් ගොඩගන්න අපට හැකිවුණා. අදත් ඇමතිකම් නැතිවත් අපේ ජ්‍යෙෂ්ඨයෝ රට වෙනුවෙන් ඒ සහයෝගය දෙනවා. මේ අතරෙ මුල අමතක උන සමහරුත් හිටියා.  ඒකට කමක් නෑ. හැබැයි අපි මොන දේ උනත් අපේ අත්වල ලේ තවරගත්තෙ නෑ.

ඒ නිසා සාමය උදාකරගත්ත රටේ නැවත ලේ වගුරවනවට අපි කැමති නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට අවශ්‍ය විදියට අද පටන් අලුත් ගමනක් ආරම්භ කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් හැම ජන වර්ගයක්ම අද පටන් අපිත් එක්ක අලුත් රටක් වෙනුවෙන් පෙළගැහෙනවා. ඒ සියලුදෙනාගෙම ශක්තියෙන් ඉදිරියේ තියෙන ඕනෑම මැතිවරණයක් අපි ජයග්‍රහණය කරලා පෙන්නනවා කියලා ඔබ තමුන්නාන්සේලාට විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඒ ගමන එකතුවෙලා යමු. අපි දන්නවා ඒ ගමනට එකතුවෙන්න පක්ෂ විශාල සංඛ්‍යෘවක් අපේ ආරාධනාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා බොහෝ දෙනෙක් අපිත් එක්ක ඉදිරියේ දී අත්වැල් බැඳ ගනීවි. එදා අරගලයට මුවා වෙලා අපේ පාක්ෂිකයන්ට ඇතමෙක් හිරහැර කළා. පහරදුන්නා. ගේ දොර ගිනි තිබ්බා. තාමත් ඒකට සාධාරණයක් ඉටුවෙලා කියල මට පේනේනේ නැහැ. අපේ මන්ත්‍රීවරයෙක් මහ මග අමානුෂික ලෙස මරා දැමුවා. හරිනම් මේ දේවල්වලට කොමිෂන් සභාවක් පත්කරල විමර්ශනය පවත්වන්න ඕනේ.

පොලීසිය පවා මේ දේවල්වලට කොටුකරගත්තෙ ඒවා මෙහෙයවපු අය නෙමෙයි. සැබෑ අපරාධකරුවෝ තාමත් ඉන්නේ නිදැල්ලේ. එහෙම උනත් ඔබ ඇතුළු ජනතාව ඉදිරියේ ඒ වෙස්මූණු දැනටම ගැලවිලා ඉවරයි. මේ ප්‍රශ්න අපි අනාගතයේ දවසක් සාධාරණව විසඳගන්නවා කියන පණිවිඩය මම අද ඔබ හමුවේ තබනවා. ආර්ථික වශයෙන් අද ජනතාවට විශාල පීඩනයක් තියෙනවා. බඩුමිල වැඩියි. ජල විදුලි ගාස්තු වැඩියි. මේ භාණ්ඩ හා සේවාවල මිල අඩුකරගන්න අපි හැකිතාක් උත්සාහ කරන්න ඕනි. හැබැයි ඒ අතරෙම රටට ඉදිරියට යන්න අවශ්‍ය වටපිටාව අපි සකස් කරලා දෙන්න අවශ්‍යයයි. එහෙම නැත්නම් මීට වඩා අමාරු තැනකට රට ගමන් කරනවා. ඒකට අපි ඉඩ තැබිය යුතු නැහැ. මේ රටේ ජනතාවට විශ්වාස කළ හැකි ප්‍රතිපත්ති තුළින් අපි අපේ පක්ෂයේත් රටේත් අනාගතය ගොඩනගමු. ජනතාව බලාපොරොත්තුවන පිරිසිදු දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමති සියලුදෙනාට අපි අපේ පක්ෂය හා එක්වන්නැයි ආරාධනා කරමු. විවේචනවලට ඉඩ දීලා ඔප්පු කළ හැකි යථාර්ථය වෙනුවෙන් අපි පෙළ ගැසෙමු.

ව්‍යාජ දේශපාලනය වෙනුවට අව්‍යාජ දේශපාලනය ජනගත කරමු. ඔබ රට වෙනුවෙන් කරන ඒ කැපකිරීම් දිනෙක ඉතිහාසගත වනතුරු අපි වැඩකරමු. රටේ අනාගත අභිලාෂයන් සාක්ෂාත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔබ සැමට එකාවන්න පෙළ ගැසෙන්නැයි අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබත් සමඟ මේ රට අභිමානවත් රටක් ලෙස ලෝකය ඉදිරියට ගෙනයන වැඩපිළිවෙල මගහැරුණු තැනින් නැවත පටන් ගන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් කැපවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සාමාජිකත්වය ගෞරවයෙන් සිහිපත් කරන අතර, අපේ පක්ෂය දින දින දිනේවා! යැයි ප්‍රාර්ථනා කරනවා"

 


''ඉවසීමෙන් කටයුතු කළාට අපි කිසිම වෙලාවක නිවටයන් වෙන්නේ නැහැ'' - බැසිල්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සම්මේලනය අමතමින් මෙසේ පැවසිය.a5a7df89 b1f9 43b3 98ee 56dd0f12a50a

"එදා පිහිටවූ පක්ෂයට දැනට වසර 88ක් වෙනවා. අපේ පක්ෂයට අවුරුදු 7 යි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දුන් හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඉදිරියටත් යම් මැතිවරණයක් තිබෙනවා නම් දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව කියනවා. එහි ගෞරවය, අයිතියා තිබෙන්නේ ඔබ සියලු දෙනාටයි. අපි කළේ වින්නඹු මාතාවගේ කාර්යයයි. ඒ සියලු ගෞරවය ඔබට හිමිවෙනවා. අපේ පක්ෂය ඉදිරියටත් ශක්තිමත් කළයුතු වෙනවා. ඔබ කළ කැපවීම අපි අගය කරනවා. අපි මේ ජයග්‍රහණය සියල්ලටම අයිතිය ඔබට දෙනවා වගේම මහින්ද රාජපක්ෂ මහතා අපිට ඉගැන්වූයේ කිසිවෙකුට වෛර කරන්න එපා කියලයි. පශ්චාත් ප්‍රචණ්ඩත්වය තුරන් කළා. මැතිවරණ ජයගත් පසුව කිසිවෙකුට හිරිහැර කළේ  නැහැ. ඉදිරියටත් අපි ඒ මහතාගේ ආදර්ශය අනුගමනය කරනවා. කිසිවෙකුට නොකියපු තමන්ගේ ගේ දොර අහිමිකර ගත්ත, දේපළ නැතිකර ගත්ත විශාල පිරිසක් ඉන්නවා. කිහිපදෙනෙකුට ආධාර ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි ස්තුති වන්ත වෙනවා. තවමත් ආධාරයක් නොලැබුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ගැන අවධානය යොමු කළයුතු වෙනවා.


අපේ රටේ සියලු දෙනාම එක වගේ මරණ බිය ඇතිවුණු අවස්ථා දෙකක් තිබෙනවා. කොටි ත්‍රස්තවාදය නිසා මරණ බිය ඇතිවුණා. ලෝකයේ ඇතිවූ කොවිඩ් වසංගතය නිසා මරණ බිය ආවා. ඒ දෙකෙන්ම බේරා ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එහි ගෞරවය ඔබටත් තිබෙනවා. මේ රටේ ඕනම ක්ෂේත්‍රයක සංවර්ධනයක් වුණා නම් ඒ සිදුවුණා නම් මහින්ද රාජපක්ෂ යුගයේ. ඒ අයිතිය තිබෙන්නේ ඔබටයි. මේ රටේ සෑම සංවර්ධනයක් තිබෙනවා නම් මහින්ද මහත්තයා කළ දේවල් බව අපි දන්නවා. ඒ අයිතිය කිසිවෙකුට උදුරා ගන්න දෙන්න බැහැ. මීළඟට මොකක් ද සිදුවන්නේ. මීළඟටත් අපි අනිවාර්යයෙන්ම පොහොට්ටුව දිනන්න කටයුතු කරනවා. අපි ඕනම දෙයකට සූදානම්. මේ ජයග්‍රහණවලට අපි සූදානම් වෙමු. අපේම ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු වෙමු. නියම එඩිතර ආණ්ඩුවක් බවට පත් කරන්න කටයුතු කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි ශක්තිය දෙනවා. දුර බැහැර සිට මෙහි පැමිණි සැමට අපේ ගෞරවය පිරිනමනවා. ඒ වගේම ඔබට ගමට යනවිට ආරක්ෂාකාරීව කටයුතු කරන්න කියා ඉල්ලනවා.

ඉවසීමෙන් කටයුතු කළාට අපි කිසිම වෙලාවක නිවටයන් වෙන්නේ නැහැ. ඕනම දේකට අපි සූදානම්. සිංහයෙකුට ගලක් ගැසුවොත් නතර වෙලා ගලක් ගැසුවේ කවුද කියා බලනවා. ඒ නිිසා අපිට ගල් ගසන්න උත්සාහ කරන්න එපා. අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඊළග මැතිවරණවලදීත් අපි අපරාජිතව ඉදිරියට ගමන් කරනවා"



''මේ රටේ ළමුන් 100 ක් ඉපදුණොත් එයින් 3 ක් කුහකයන් වෙනවා'' - සාගර



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සම්මේලනය අමහමින් මෙසේ පැවසිය,


"පක්ෂයේ මහලේකම් ලෙස අද දිනය ගැන සතුටු වෙනවා. අපේ පක්ෂයට සම්බන්ධ නැතත් ජාතික වීරයෙක් ගැන අපි කතා කරනවා. එතුමා උපත Sagara12ලබන්නේ 1964 වසරේ. කරෝලිස් හේවාවිතාරණ මහතාගේ පුතා ලෙස දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස උපන්නා. ඒ කාලයේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබුණා. මේ යුගයේ හේවාවිතාරණ තරුණයා මේ රටේ ජනතාව විදින දුක දැකලා පීඩාවන් දැකලා තීරණය කරනවා අනගාරික ධර්මපාල නමින් රටට සේවය කරනවා. එතුමා මේ රටේ නිදහස් සටනට පණ පොවනවා. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ශක්තිය දෙනවා. මේ රටේ අධ්‍යාපනය, පේෂ කර්මාන්ත ආදිය නඟා සිටුවනවා. නමුත් රටට මෙතරම් මෙහෙයක් කළ මේ වීරයාට හොරා හොරා කියලා මේ රටින් එළවා දමනවා. මේ රටේ ළමුන් 100 ක් ඉපදුණොත් එයින් 3 ක් කුහකයන් වෙනවා. ඒ සියයට 3 කිසිඳු වැඩක් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ මේ රට වෙනුවෙන් කටයුතු කරන අයට අවලාද කරමින් ජීවත් වීමයි. මේ සියයට එදත් සිටියා. එතුමාට හොරා හොරා කිවුවා. එතුමාට මේ රට එපා වෙලා ඉන්දියාවට ගොස් පැවිදි වුණා. අද දෙවැනි ජාතික වීරයෙක් ගැන කතා කරනවා.

1945 වසරේ එතුමා උපදිනවා. ඒ මහින්ද රාජපක්ෂ නමින් එතුමා උපදිනවා. එතුමා මේ රටේ නායකත්වය ගන්නවා විතරක් නොව මේ රටේ කිසිඳු නායකයෙකුට අවසන් කරන්න නොහැකි වූ යුද්ධය අවසන් කර සාමය ගෙනත් දෙනවා. ඒ විතරක් නොව බ්‍රිතාන්‍යයන් මේ රටෙන් යනවිට අපිට දුන් රේල්ලුව, ගුවන් තොට ආදිය පළමු වරට සංවර්ධනය කරනවා. නව ගුවන් තොටුපළවල්, වරායන්, මාර්ග ඉදිකරමින් සියලු සංවර්ධනයන් සිදුකරමින් මේ රට වෙනම තලයතට ගෙනයනවා. නමුත් අර සියයට 3 ජනතාව එතුමාටත් බොරු අවලාද චෝදනා නඟනවා. එතුමා ගැන වෙනම පරිච්ඡේද අද ලියවෙනවා. මේ රටේ තවත් වසර 50 ක් 100 ක් යනවිට ජාතික වීරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙනවා. එදා ධර්මපාල තුමාට සියයට තුන හොරා කියනවිට මේ රටේ ජනතාවට නොහැකි වුණාට මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගන්න විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. මේ අවස්ථාවට සහභාගි වූ සැමට අපේ පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මගේ ගෞරවය පිරිනමනවා" යැයි පැවසීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව ඇති සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සඳහා ද මේ වෙනුවෙන් ආරාධනා කර තිබූ අතර එම සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන කෝට්ඨාශයකම වෙසෙන පාක්ෂිකයන්ට ආරාධනා කර තිබීම ද විශේෂත්වයකි. පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම රට ඉදිරියට ගෙනයන වැඩපිලිවෙලේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භූමිකාව මෙහිදී ප්‍රකාශයට පත්කෙරිණි.

වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන නාහිමි, අගමැති දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන කෙහෙළීය රඹුක්වැල්ල, ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ, කංචන විජේසේකර, ටිරාන් අලස්, ඩග්ලස් දේවානන්දා, පවිත්‍රා වන්නිආරච්චි, අලී සබ්රි, රාජ්‍ය ඇමැතිවරුන් වන කනක හේරත්,  තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු, පියල් නිශාන්ත, විමලවීර දිසානායක, ඉන්දික අනුරුද්ධ, දිලුම් අමුණුගම, සනත් නිශාන්ත, අශෝක ප්‍රියන්ත, ආචාර්ය සුරේන් රාඝවන්, පක්ෂයේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ, සී.බී රත්නායක. ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, කෝකිලා ගුණවර්ධන, සංජීව එදිරිමාන්න. රාජිකා වික්‍රමසිංහ, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
SLPP 2023.12.16

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්