ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඔහු 84 හැවිරිදි වියේ පසුවිය.

කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 01 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.

ඔහු සිය විධිමත් අධ්‍යාපනය මීගමුව‍ ශාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙන් ආරම්භ කළේය. වසර කිහිපයකට පසු මාරිස්ටෙලා විද්‍යාලයෙන්ද ඉන් අනතුරුව ශාන්ත මරියා විද්‍යාලයෙන්ද ඔහු සිප් සතර හැදෑරීය.

av 9 2

ඔහුගේ නිර්මාණයක් මුළින්ම පළ වූයේ 1964 වසරේදීය. ඒ ලේක්හවුස් ආයතනයෙහි “සරසවිය” ය තුළින්ය.

1966 වසරේදී එවකට සිටි සිළුමිණ කර්තෘ පියසේන නිශ්ශංක හමුවීම මඟින් කැමිලස්ට ලේක්හවුස් ආයතනයෙහි ප්‍රවීණ මාධ්‍යව්දී ඩී.එෆ්. කාරියකරවන හඳුනාගැනීමට අවස්ථාව උදාවිය. එම හමුවෙන් පසුව ඔහුට දිනපතා දහවල් ජනතා පුවත්පතට කාටූනයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලද අතර එය ‘දොන් සේතන්’නම් විය.

44

1968 දී ඔහු ‘දැක්කොත් පද්මාවතී’ කතා මාලාව ආරම්භ කළේය. එම වසරේම ඔහු අතින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ‘මිස්ටර් ලව්රිස්’ නමින් තීරු කාටූනයක්ද නිර්මාණය විය. 1972 වසරේදී ලංකාවේ බිහිවූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වූ සතුට පුවත්පතට ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රියම කාටුන් චරිතය වූ ‘ගජමෑන්‘ නිර්මාණය පාඨකයාට හඳුන්වාදෙන ලදී. එය පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලද චරිතයක් විය.

දේශපාලනඥයන්ගේ ඇතැම් දුර්වලතා හාස්‍ය උපදවන අයුරින් උපහාසයට ලක්කිරීමට ඔහු උපන් හපනෙකු විය. ඔහු අතින් නිර්මාණය වූ ගජමෑන් චරිතය පාදකකොට ගෙන ත්‍රිමාන කාටුන් චිත්‍රපටයක් ද නිර්මාණය වී ඇත.

‘ගජමෑන්’ ‘දැක්කොත් පද්මාවතී’ ‘තෙපානිස්’ ‘ගොඞ්ඩින් අයියා’ ‘දොං සේතං’ ‘මගෝඩිස්තුමා’ ‘ටික්කා’ ‘සිරිබිරිස්’ ‘ස්විටි’ ‘මිස්ට ලවාරිස්’ වැනි කැමිලස් පෙරේරා විසින් නිර්මාණය කළ කාටුන් චරිත රැසක් අතිශය ජනාදරයට පාත්‍ර විය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්