පසුගිය දෙසැම්බර් 04 වෙනිදා නැගෙනහිර යුක්රේනයේ බක්මුත් (Bhakhmut) ප්‍රදේශයේ දී

රුසියානු ෂෙල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ කපිතාන් රනිෂ් හේවගේ ගේ දේහය යුක්රේන හමුදා ආචාර මැද සිකුරාදා (දෙසැම්බර් 15) මිහිදන් කෙරුණා.

යුද පෙරමුණේ දී දිවි දුන් යුක්‍රේන සෙබළුන් කිහිප දෙනෙකු ගේ සිරුරු ද ඇතුළුව ෂෙහාන් රනිෂ් හේවගේ ගේ දේහය මිහිදන් කෙරුණේ කීව් (කියෙෆ්) අගනුවර සිට කිලෝමීටර 400ක් පමණ නැගෙනහිරින් පිහිටි ම්ලිනිෆ් (Mlyniv නැත්නම් ම්ලිනොෆ් Mlynov) ප්‍රදේශයේ දී.

අවමගුල් උත්සවය ගැන වාර්තාවක් පළ කළ රූපවාහිනී නාලිකාවක් 33 හැවිරිදි රනිෂ් හඳුන්වල තිබුණේ යුක්රේනය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි දුන් වීරයෙක් හැටියට.

ඊට දිනකට කලින්, බ්‍රහස්පතින්දා රනිෂ් ඇතුළු පිරිසට අවසන් බුහුමන් දැක්වීම පිණිස අගනුවර පැවති විශේෂ දේව මෙහෙයට ඔහුගේ අක්කා, අයෝනා, අම්මා සහ අයෝනා කුඩා දියණිය ඇතුළු පිරිසක් එක් වී සිටියා.

රනිෂ් සමුගන්න ටික කාලෙකට කලින් ඔවුන් යුක්රේනයට ඇවිත් හිටිය. ඇත්තටම අක්කටත්, අම්මටත් තවමත් ඔහු අහිමිවීම දරාගන්න බැහැ. ඒ දෙන්නගේ අනාගතේ වෙනුවෙන් රනිෂ් හැම දෙයක්ම සැලසුම් කරලා තිබුණත්, ඒ වගේම යුක්රේන ආණ්ඩුවෙන් සහ සහෝදර සෙබළුන්ගෙන් ආදරේ, කරුණාව දෝරේ ගැලුවත්, මල්ලි නැතුව ඉදිරි ජීවිත කාලය ගතකරන්නේ කොහොමද කියල හිතාගන්න බැහැ කියල අයෝනා මා එක්ක කීව.


මල්ලි අහිමිවීමේ වේදනාව මදිවට සල්ලි වෙනුවෙන් 'කුලී හේවායෙක්' වූ බවටත්, ලංකාවට ද්‍රෝහී වූ බවටත් යනාදී විදියට සමාජ මාධ්‍ය වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේත් එල්ලවෙන චෝදනා නිසාත් ඇයත්, අම්මත් දරාගනන බැරි ශෝකයකින් ඉන්න බවත් අයෝනා කීව.

 

vfgdfg
යුක්රේන හමුදාවෙන් ලක්ෂ 12ක් පඩි ගත්තද?

ආක්‍රමණික රුසියානු හමුදාවලට එරෙහිව සටන් කරන යුක්රේන හමුදාවට එක්වන විදේශීය සොල්දාදුවන්ට මාසෙකට රුපියල් ලක්ෂ 12ක වේතනයක් ලැබෙන බවටත්, යුද බිමේදී දිවි දෙන සොල්දාදුවෙකුට රුපියල් කෝටි 14 ක රක්ෂණයක් ලැබෙන බවටත් 'අරුණ' පුවත්පත වාර්තා කරලා තිබුණ.

'ඩෙන්ටිස්ට්' කියන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණ රනිෂ් දිවි පිදුවේ යුක්රේන යුද පෙරමුණේදී මියගිය පළමුවෙනි ශ්‍රී ලාංකික සෙබලා, එම් එම් ප්‍රියන්ත ගේ දේහය අරගෙන එන්න තවත් ශ්‍රී ලාංකික සෙබළුන් දෙන්නෙක් එක්ක පෙරමුණට ගිය වෙලාවේ.

රනිෂ් එක්ක ඒ මෙහෙයුමට ගිය ලහිරු කාවින්ද හතුරුසිංහ සෙබලා දිවි බේරා ගෙන ආපහු ආවත් ඒ ගමනේදී රොඩ්නි ජයසිංහ ගේත් ජීවිතය අහිමි වුනා.

"මගේ කරේ ඩෙන්ටිස්ට් ඔයා අවසාන හුස්ම හෙලුවේ...ඔයා  වීරයෙක්..මම ඔයාව පුලුවන් තරම් දුර ගෙනාවා..ඔයාට කරන්න පුලුවන් හැමදේම කරා...ඩෙන්ටිස්ට් ඔයා නමක් හැදුවා. ඒ නම මුලු යුක්‍රේනෙම වැජබෙනවා..ඔයාට ගෞරවාන්විත අවසානයක් දෙනවා.....," කියල ලහිරු කාවින්ද හතුරුසිංහ 'Sandeshaya by Saroj' යූටියුබ් නාලිකාවේ රනිෂ් එක්ක කරපු සංවාදය පහළ සටහනක් තියල තිබුණ.

 ඇත්තටම රනිෂ් කර තියාගෙන ආපු ලහිරු ලත්, යුක්රේන හමුදාවත් රනිෂ්ට ඒ ගෞරවය දීල තිබුන. නමුත් යුද්ධය දරුණු නිසා ප්‍රියන්තගේත්, රොඩ්නිගේත් සිරුරු අරගෙන එන්න හැකිවෙලා නැහැ.

ඔවුන් තුන් දෙනා දිවි පිදුවට පස්සේ යුක්රේන සටන් බිමට යන විදේශීය භටයින්ට ලැබෙන ආදායම ගැනත් 'ලංකාවට එරෙහි වුන' යුක්රේනය වෙනුවෙන් සටන් කිරීම ගැනත් මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය ඔස්සෙත් බොහෝ දෙනා කතා කරන්න පටන් අරගෙන.

විශේෂයෙන්ම ලංකාවේ 'මිත්‍ර රාජ්‍යයක්' වන රුසියාවට විරුද්ධව යුක්රේනය වෙනුවෙන් සටන් කිරීම ගැන රනිෂ් ඇතුළු කණ්ඩායමට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විරෝධයක් මතුවෙන්න පටන් ගත්ත. රුසියාව වගේම යුක්රේනයත් ලංකාවේ මිත්‍ර රටවල්. ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටීම නිසා යුක්රේනය ලංකාවේ 'සතුරු රාජ්‍යයක්' වුණේ කොහොමද කියල මම නම් දන්නේ නැහැ. ඒක ගැන වෙනම කතා කරමු.


ඒත් මේ මාසෙකට රුපියල් ලක්ෂ දොළහක වැටුපක් ලැබෙන බවටත්, යුද්ධයේදී මිය ගියොත් කෝටි ගණන වන්දි ලැබෙන බවටත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පවා හරියට හෙවිල්ලක්, බැලිල්ලක් නැතුව වාර්තා පළ කරන්නේ කොහොමද කියල අයෝනා පුදුම වෙලා අහනවා.


ඒ ගැන සම්පූර්ණ විස්තර මේ ලින්ක් එකෙන් කියවන්න  - https://ildu.com.ua

එකේ මුලින්ම තියෙන්නේ International Legion for the Defence of Ukraine භට ඛණ්ඩයට දැන් බඳවා ගන්නේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන සොල්දාදුවන් විතරයි කියල.

ඒ නිසා තවත් ශ්‍රී ලාංකිකයින් 70ක් විතර යුක්රේන හමුදාවට බැඳෙන්න බලා ඉන්නවා කියන කතාව සත්‍යද කියල මම දන්නේ නෑ

ඒ විදියට බැඳෙන කෙනෙකුට ලැබෙන වැටුප ගැනත් එකේ සඳහන් වෙනව. ඒ අනුව යුද පෙරමුණට පිටුපසින් ඉන්න සෙබලුකුට මාසෙකට ලැබෙන්නේ ඩොලර් 600කට ආසන්න මුදලක්. භයානක අඩවියක රඳවලා ඉන්නවා නම් ඩොලර් 1200 කට ආසන්න වැටුපක් ලැබෙනවා. කෙලින්ම යුද පෙරමුණේ සටන් කරනවා නම් වැටුප මාසෙකට ඩොලර් 3300 කට ආසන්න මුදලක්. (ඔබ ඒ මුදල් රුපියල්වලට පරිවර්තනය කරලා බලන්න)

ඒ වගේම සටනේ දී මිය ගියොත් ඩොලර් ලක්ෂ හතරකට ආසන්න මුදලක් ඔහුගේ පවුලේ අයට වන්දි වශයෙන් ලැබෙනවා. නමුත් ඒ වන්දිය ලැබෙන්න නම් මුලින්ම සෙබලාගේ සිරුර හමුවෙන්න ඕනේ. ඒ වගේම තමා ඒ වන්දිය ලැබෙන්නෙත් කොටස් කිහිපයකින් කියල අපි කරපු හොයා බැලීමේදී  හෙළිවුණා.

කොහොම වුනත් යුද්ධෙකදී මියගිය කෙනෙක් වෙනුවෙන් වන්දි අරගෙන ජීවත් වෙනවට වඩා තමන්ගේ සමිප ඥාතියා ජීවතුන් අතර ඉන්නවා දකින්න මේ හැම සෙබලුකුගේම පවුලේ අයගේ ලොකුම බලාපොරොත්තුව බව ඔවුන්ට ගරහන බොහෝ දෙනා නොහිතන දෙයක්.

Saroj Pathirana(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

('සරෝජ් සමග සංදේශය': ඡායාරූප - රිව්නි1 නාලිකාවෙන්)



සබැඳි පුවත් :
රනිෂ් හේවගේ: යුක්රේන යුද බිමේ දිවි දුන් ශ්‍රී ලාංකික සෙබලාගේ සිරුර 'ලංකාවට ගේන්නේ නෑ'
යුක්රේන යුධ බිමේදී අවසන් හුස්ම හෙළූ ලාංකික කපිතාන්වරයා ඇතුළු අනෙකුත් සෙබළුන් කවුද 
යුද්ධයට එරෙහිව යුක්රේනයේ යුද වැදුණු ශ්‍රී ලාංකික සොල්දාදුවා යුද බිමේදී අවසන් ගමන් යයි

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්