ප්‍රමිතියෙන් තොර 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' නැමැති ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය

අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත ව එළඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ලේකම්වරයා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.


හිටපු ලේකම්ට සෞඛ්‍ය වෙනුවෙන් කරන්න ඉතුරුවෙලා තියන අන්තිම යුතුකම !


හොරකමේ යාන්ත්‍රණය හෙලි කිරීම හිටපු ලේකම්ට සෞඛ්‍ය වෙනුවෙන් කිරීමට ඉතුරුවී තිබෙන අවසන් යුතුකම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

'' හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට ඉමියුනෝග්ලොබියුලින් හොරකමෙන් ගැලවෙන්න බැහැ. නමුත් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා කිසිම විටෙක තනි මතයට සෘජු තීරණ ගත්ත කෙනෙක් නෙවෙයි. ඔහුගේ සියළු තීරණ ගත්තේ ඇමති වරයගේ අභිලාශයට එකඟව. බලපෑමට අදාලව.

සෞඛ්‍ය සේවාව නිවැරදී කර ගැනීමටනම් ඉමියුනෝග්ලොබියුලින් වංචාවේ සැබෑ සැලසුම හෙලිදරව් විය යුතුයි.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මේ ගණුදෙණුව සැලසුම් වුණු ආකාරය හොඳින් දන්නවා. බලපෑම්කල දේශපාළකයන් ගැන හොඳින් දන්නවා. ඒ නිසා ඒ සැලසුම සහ බලපෑම් කල අයව හෙලිදරව් කරන එක, සැලසුමේ යාන්ත්‍රණය එළියට දාන එක, ඔහුට අවසන් වශයෙන් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පැවරුණු වගකීමක්. අපි ඔහුට බල කරනවා, ඒ වගකීමවත් අතපසු නොකර ඉටු කරන්න කියලා.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්