ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.


මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත්විය.

අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර අද රාත්‍රියේදීත් තවත් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත් කර යවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු කණ්ඩායම සදහා වන ගුවන් ටිකට්පත් අමාත්‍යවරයා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදී ශ්‍රමිකයින්ට ලබාදුන්නේය. 

දෙරට අතර මීට පෙර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට කටයුතු කරන අතර ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රමිකයින් දස දහසක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

මුදල් අය කරන බවට චෝදනා

නොවැ. 23 වන දා ඩේලි මිරර් පුවත්පත එහි ප්‍රධාන පුවත හරහා, 'Corruption taints recruitment for Korean, Israeli jobs' යන සිරස්තලයෙන්, මෙම නව රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී දේශපාලනඥයන්ගේ නියෝජිතයින් වැඩි මුදලක් අය කරන බවට පැමිණිලි ලැබී ඇති බව වාර්තා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂයබාර අමාත්‍ය මනුෂ නානායක්කාර, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස ඉල්ලා සිටි අතර එසේ මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවුවහොත් මුදල් ලබාදී ඇති ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායලය සමග එකතාවයකට පැමිණ තිබෙන බවද සදහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඊශ්‍රායල රැකියා අවස්ථා සඳහා සිදු කරනු ලබන බඳවා ගැනීම් විනිවිදභාවයකින් යුතුව සිදු කරන බව යි.

මීට අමතරව ඉදිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් විසි දහසක් බදවාගැනීම සදහා ඊශ්‍රායලය එකගතාවය පළ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

israel 2354245
ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000 "වහා ම බඳවා ගැනීමට ඊශ්‍රායලයට ඉඩ සලසන" ගිවිසුමකට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෝෂෙ ආබෙල් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර එළඹ ඇතැ යි, ඊශ්‍රායලයේ ව්‍යාපාරික පුවත් වෙබ් අඩවියක් වන Globes නොවැ. 6 වන දා වාර්තා කර තිබුණි.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට පවතින යුදමය තත්ත්වයෙන් දැඩි ලෙස පහර වැදී ඇති අතර, එරට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියැළී සිටි විදේශීය කම්කරුවන් 30,000න් 8,000ක් පමණ ඔක්තෝබර් 7 වන දා සිට ඊශ්‍රායලය හැර ගොස් ඇතැ යි එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

is fkghfjh

ඔක්තෝබර් 7 වන දායින් පසු, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියැළී සිටි විදේශීය කම්කරුවන් 30,000න් 8,000ක් පමණ ඊශ්‍රායලය හැර ගොස් ඇතැ යි ද, පලස්තීන කෘෂි කම්කරුවන් 20,000කට පමණ රටට ඇතුළුවීම තහනම් කර ඇතැ යි ද එරට වෙබ් අඩවියක් වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ප්‍රතිචාරය

බීබීසී සිංහල සේවය කළ විමසිමකදී ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කර තිබුනේ,  මේ වන විට ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000ක් පමණ සිටින බව යි.

රට තුළ ජන ජීවිතය 90%ක් පමණ සාමාන්‍ය තත්ත්වයේ පවතින බව තානාපතිවරයා එහිදී කියා තිබිණ.

"ජන ජීවිතය ගැන ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ අය තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඊට අමතරව ඒ ගොල්ලෝ සතිඅන්තවල දී ස්වේච්ඡාවෙන් ගොවිපළවල්වල වැඩ කරනවා. ලංකාවේ ගොඩක් අය යනවා. ඒ වගේ ම ඒගොල්ලෝ රුධියත් පරිත්‍යාග කරනවා."

එක් එක් කලාප සඳහා වෙන්වුණු නිලධාරීන් සිව් දෙනෙකු තානාපති කාර්යාලය තුළ සිටින බවත්, හඳුන්වා දී ඇති විශේෂ දුරකතන අංකයක් හරහා හදිසි අවස්ථාවල දී එම නිලධාරීන් හා සම්බන්ධ විය හැකි බවත් නිමල් බණ්ඩාර බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් පවසා තිබිණ.

ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මේ දක්වා යළි ශ්‍රී ලංකාවට යා යුතු බවට තානාපති කාර්යාලය දැනුවත් කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා තිබිණ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්