ඉතිහාසයේ පළමුවරට එස්තෝනියානු රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ඍජු ගුවන් ගමන් ආරම්භ වේ.

ඒ අනුව, එස්තොනියාවේ සිට SkyUP Airlines පළමු ගුවන්යානාව (U5-9394) අද (දෙසැම්බර් 20) රාත්‍රී 11.50 ට එස්තෝනියා අගනුවර ටැලින් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතය.

 

WED (3) 20 DCE 2023 U5 9394 TLL / DWC / HRI 23.50

 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති රුසියාවේ හිටපු තානාපතිවරයකු වන උදයංග වීරතුංග මෙසේ සඳහන් කර ඇත.

'' රුසියාවේ ශ්‍රි ලංකා තානාපති ලෙස වසර 09 වැඩි කාලයක්‌ රටට සේවය කිරීම නිසා, එදා මා දේශපාලන පළිගැනීම් හා චෝදනා වලට ලක්වීය. එසේ නමුත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා පැරණි සෝවියට් රාජ්‍ය වලින් ලංකාවට වසරකට පැමිණෙන සංචාරකයන් ප්‍රමණය 2800% ප්‍රතිශතයකින් වැඩි කරමින් ඍජුව එදා මා කල සේවයේ ප්‍රතිලාභ අදත් අප රටට ලැබෙන බව කිව යුතුය.

 

එසේ නමුත් දැනටමත් මාස 105 වැඩි කාලයක් නොකඩවා යහපාලන දේශපාලන පළිගැනීම් වලින්, අදත් පීඩාවට ලක්වි සිටින මා හට සාධාරණ විසදුමක් ලබාදීමට, රටට ලැබෙන මෙම ආර්ථික වාසිය තුලම, මාගේ ප්‍රශ්නයට පිළිතුරු ඇති බව විශ්වාස කරමි.

 

කොවිඩ් 19 වසංගත කාලයේදී සංචාරකයින් සඳහා නැවත රට විවෘත කිරීමේ අභියෝගය සාර්ථක කර ගැනීමේ මුඛ්‍ය පරමාර්ථයේන් 2020 දෙසැම්බර් මස 28 දා යුක්රේනියානු සංචාරකයන් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට රැගෙන ආ බව රජයට මතක්කර දෙමි.

Udayanga Weeratunga
''එදා මගේ මැදිහත් වීමෙන් විවෘත වූ මත්තල ගුවන්තොටුපලට මේ වසරේදී ගුවන්වාර 145 කින් සංචාරකයන් 57,594 ක් පැමිණ ඇත. එසේම රුසියාවේ සිට ඍජු ගුවන්වාර 473 ක් හරහා සංචාරකයන් 155,888 ක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම, අප ලැබු ජයග්‍රහණයක් බව පිළිගත යුතුය.''

 

ඊට සමගාමීව පළමු වරට එස්තොනියාව, ලිතුවේනියාව, ලැට්වියාව, පෝලන්තය සහ මල්දෝවා යන රටවල් 5 කින් සතියකට ඍජු ගුවන්වාර 6 ක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට සැලසුම් කර ඇත.

ඒ හරහා මෙම ශීත සෘතුවෙහි දී SkyUP MT Airline විසින් සංචාරකයින් 16,456 ක් රැගෙන ඒමට බලාපොරොත්තු වන අතර දල වශයෙන් ඩොලර් මිලියන 25 (රුපියල් කෝටි 825) පමණ විදේශ විනිමය රටට උපයාගත හැකි බව මා විශ්වාස කරමි.

 

SkyUP Airlines ලාංකික ඒජන්තවරයා ලෙස Tropical Aviation Services කටයුතු කරයි. එහිදී මෙරටට සංචාරකයන් රැගෙන එන්නේ “JoinUP” ජාත්‍යන්තර සංචාරක ආයතනය වන අතර ශ්‍රීලංකාව තුල “Delux Holidays” සියලු පහසුකම් සපයනු ඇත. මෙම සැළසුම් සාර්ථකව කරගැනීමට ලබාදෙන සහයෝගයට ශ්‍රී ලංකා රජයට ගෞරවණිය ස්තුතිය පළකර සිටිමු.

 

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු ලිතුවේනියාව, ලැත්වියාව සහ එස්තෝනියාව යන බෝල්ට්ක් සමුහාණ්ඩු රටවල ස්වාධීන රාජ්‍යයන් ලෙස 1991 දී පත්විය. උතුරු යුරෝපීය රටක් වන එස්තෝනියා රාජ්‍යයෙහි මිලියන 1.5 ක පමණ ජනගහනයක් ජීවත්වන අතර ශ්‍රී ලංකාවට මෙම වසරේදී එස්තෝනියානු සංචාරකයන් 1100 පමණ පැමිණ ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්