2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.


ඒ අනුව 2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයක ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ද හිමි වනු ඇති බවත්, එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් වන මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම අරමුණු කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රටට ගලාඒමත් සමග එය රටේ විදේශ සංචිත ශක්තිමත් කරන බවය.

ඒ අනුව 2023 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 04 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්