leader s

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි

අධිකරණය ෆේස්බුක් ආයතනයට පෙරේදා (20) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ විසින් එම නියෝගය කළේය.

අන්තර්ජාලය භාවිත කර ‘පුස් බුද්ධා’ (Puss Buddha) හා ‘පුස් බුදුන්ගේ අනුගාමිකයෝ’ (Followers of Puss Buddha) නමින් සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කර එමගින් බුදු දහමට හා බුදුන් වහන්සේට නින්දා සහගත හා අපහාස සිදුවන ආකාරයේ සිදුකළ පළකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද එහි නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

පුස් බුද්ධා’ (Puss Buddha) සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇති ඡායාරූප 365258032 190016520736169 7739564661300182910 n

400755872 251535404584280 5148595375581240791 n

 (ඉෂාර රත්නකාර -aruna.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්