ලබන වසරේ දී ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට ඊයේ (22) රැස්වූ

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉදිරි වර්ෂය සඳහා ජනතාවගේ ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළ රැසක් ද සංවිධානය කර ඇති බවයි.


ජී.එල් අගමැති කරන කතාව !


එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජී.එල් පීරිස්වෙත අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡා කර එකඟතාවකට පැමිණ නොමැති බවයි.

මේ අතර සජබ ජ්‍යේෂ්ඨ නායකයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ, නව සන්ධානයක් ගොඩ නැගීම කාලින අවශ්‍යතාවයක් වුවත් ඊට එක්වන සියලුදෙනා තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගැනීම අනිවාර්ය බවයි. '' වංචා - දුෂණ සම්බන්ධයෙන් චෝදනා තියන කිසිම කෙනෙක් සජබ සන්ධානයට ගන්නේ නැ. ඒ වගේම ජාතිවාදීන් එකතුකර ගන්නේ නැ  '' යයි ද ඔහු අවධාරණය කළේය.



කෙසේවුවද මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ලබන සතියේ සමගි ජන බලවේගය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්කකර කරගනිමින් සමගි ජන බලවේගය පෙරටුකොට ගත් විපක්ෂ දේශපාලන සන්ධානයේ පක්ෂ හා පුද්ගලයින් අතර මුලික එකඟතාවයක් ජනවාරි මුල් සතිය තුළ ගොඩනගා ගන්නට හැකිවනු ඇතැයි විශ්වාස බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා 'අනිද්දා ' ජාතික පුවත්පතට පවසා ඇත.

නිදහස ජනතා සභාවේ සියලුම මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය සමග එකතුවන්නේ දැයි 'අනිද්දා' පුවත්පත කළ විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ, තම මන්ත්‍රී කණ්ඩායමේ 13 දෙනාගෙන් දෙදෙනෙකු හැර අනෙක් සියලුම මන්ත්‍රීවරුන් බොහෝදුරට ජනවාරි මුල් සතියේ බහුතර තීරණයට එකතුව විපක්ෂ සන්ධානය ගොඩනැගීම සඳහා එකතුවනු ඇති බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්