රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ගේ විෂය පථය යටතේ ඇති ලංකා සීනි සමාගමේ සෙවණගල හා පැලවත්ත යන සමාගම් දෙක මඟින් රුපියල් බිලියන

1.24ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට මෙම මුදල චෙක්පතක් මඟින් පිරිනමා ඇත.

මෙම මුදල ලබාදීමත් සමඟ ලංකා සීනි සමාගමේ සේවකයන් හට පාරිතෝෂික දීමනාව ගෙවීමට රජය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ ඇති නිර්ණායක සම්පූර්ණ වන බව වාර්තා වේ.

2023 වර්ෂය අවසානයේ සේවකයන් හට පාරිතෝෂික ලබාදීමේ නව ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට නියමිත බව සඳහන්ය.

මුදල පිරිනමන අවස්ථාවට ලංකා සීනි සමාගමේ සභාපති මේජර් ජෙනරාල් සාරද සමරකෝන් ද සහභාගී වී තිබේ.

(adaderana.lk) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්