රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අධික වියදම් සීමා කිරීමට

මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ සේවකයන්ට ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට මෙතෙක් නිකුත් කෙරෙන  බස් ගමන් බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කෙරෙනු ඇත.

එම බස් බලපත්‍රය වෙනුවෙන් රුපියල් කෝටි අටක පමණ  මුදලක් රජයට වාර්ෂිකව දැරීමට සිදුවන අතර රටේ පවතින ආර්ථික තත්වය අනුව එය දැරිය නොහැක්කක්  හෙයින්  ලබන වසරේ සිට එපමණ මුදලක් වෙන් කළ නොහැකි  බව භාණ්ඩාගාරය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට  දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කළ හැක්කේ කෝටි හතරක් පමණක් බව මහා භාණ්ඩාගාරය වැඩිදුරටත්  දැනුම්දී ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලේ දෙන බස් ගමන් බලපත්‍රය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය රුපියල් කෝටි අටකට  ආසන්න මුදලක් එම මණ්ඩලයට වාර්ෂිකව මෙතෙක් ලබා දුන්නේය.

මෙම බස් ගමන් බලපත්‍රය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව ගත් තීරණයක් අනුව 1981 වර්ෂයේ සිට එම  සේවකයන්ට ලැබුණු වරප්‍රසාදයකි.

මේ අතර මේ වර්ෂය සඳහා නිකුත් කෙරුණු බස් ගමන් බලපත්‍රය ලබන මස 2 වැනිදාට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බාරදෙන ලෙස දැනුම් දෙමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න, චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එසේ බාර නොදෙන්නේ නම් දඩ මුදලක් අය කෙරෙන බවද  එම චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ලංගම බස් රථ නවයක් දැනට නොමිලයේ යෙදවෙන අතර එය දිගටම ක්‍රියාත්මක කෙරෙන බව දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දින වැඩ කිරීම වෙනුවෙන් වර්ෂ අවසානයේදී අතිරේක දීමනා ගෙවීමද මේ වසරෙන් පසු නතර කිරීමට රජය තීරණය කර ඇත.

(ankadeepa.lk - සුජිත් හේවාජුලිගේ )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්