The Leader News
BREAKING
Top Ad
පුවත්

නොවැම්බර් 21 නුගේගොඩ රැළියට සජබ යන්නේ නැහැ - එස්.එම්. මරික්කාර්

T

The Leader Desk

October 28, 2025 • 5:22 AM

නොවැම්බර් 21 නුගේගොඩ රැළියට සජබ යන්නේ නැහැ - එස්.එම්. මරික්කාර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ, දින කිහිපයකට පෙර පැවති පක්ෂයේ කළමනාකරණ කමිටුවේදී නොවැම්බර් 21 රැලියට සහභාගී නොවීමට පැහැදිලි තීරණයක් ගත්බවයි.
  • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ වාමාංශික කඳවුර වෙනමත්, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය දක්ෂිනාංශික කඳවුර වෙනමත් පෙරමුණු දෙකකින් ක්‍රියාත්මකවිය යුතුබවට මෙහෙයුම් කමිටුවේදී සාකච්ජාවට ලක්වූ බව මරික්කාර් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
  • ''මහජන හඬ'' නමින් නොවැම්බර් 21 දා පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් සහභාගිවීමට නියමිත බව ඊයේ (27) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ නියෝජිතයන් කියා සිටියේය.
  • දොලවත්ත, යන අය ඇතුළු පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ, දින කිහිපයකට පෙර පැවති පක්ෂයේ කළමනාකරණ කමිටුවේදී නොවැම්බර් 21 රැලියට සහභාගී නොවීමට පැහැදිලි තීරණයක් ගත්බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ වාමාංශික කඳවුර වෙනමත්, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය දක්ෂිනාංශික කඳවුර වෙනමත් පෙරමුණු දෙකකින් ක්‍රියාත්මකවිය යුතුබවට මෙහෙයුම් කමිටුවේදී සාකච්ජාවට ලක්වූ බව මරික්කාර් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

''මහජන හඬ'' නමින් නොවැම්බර් 21 දා පැවැත්වීමට නියමිත  විරෝධතා රැළිය සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් සහභාගිවීමට නියමිත බව ඊයේ (27) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ නියෝජිතයන් කියා සිටියේය.

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද මෙහිදී අදහස් දැක්වීය.

එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් එහි ලේකම් ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් එහි නායක අසංක නවරත්න, නව ජනතා පක්ෂය නියෝජනය කරමින් එහි නායක සුගීෂ්වර බණ්ඩාර යන අය ද, පක්ෂ නියෝජිතයන් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මොහොමඩ් මුසාමිල්, අජිත් රාජපක්ෂ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, යන අය ඇතුළු පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...