ඊයෙ චිත්‍රපට සංස්තාවෙ රන්දෙනිගල සිංහයා චිත්‍රපටිය පෙන්නුවා. ඒක රිලීස් වෙන්නෙ 1989.
ඒ කියන්නෙ ලංකාවෙ භීෂණය මැද. ඒ තමයි ලංකාවෙ නිර්මාණය වුනු එකම වෙස්ටර්න් ෆැන්ටසි ෆිල්ම් එක. අධ්‍යක්ෂවරයා රංජිත් සිරිවර්ධන.
රංජිත් සිරිවර්ධනගෙ චිතප්‍රටිවලින් තමයි ජීවන් වීරයෙක් වෙන්නෙ. එතකල් ජීවන් හිටියෙ දුෂ්ටයා විදිහට. හිතහොඳ චන්ඩියා, රන්දෙනිගල සිංහයා, රණබිමේ වීරයා, සත්‍යය වගේ චිත්‍රපටි ගානක් රංජිත් හදනවා.
ඒ චිත්‍රපටි ඇතුලෙ වීරයා සරමෙන් කලිසමට මාරු වෙනවා. හාමුලාට, බිස්නස්කාරයන්ට, චන්ඩින්ට විරුද්දව සටන් කරනවා. අලුත් යුක්තියක් යෝජනා කරනවා.
එලියෙ තරුණ කැරැල්ල ජනප්‍රිය සිනමාවට ආවෙ එහෙමයි. ඒ අය නන්දා මාලනීලා එක්ක යදමින් බැඳ විලංගු ලා කිව්වෙ නෑ. ඒ වෙනුවට ග්‍රේෂන් ආනන්දලා එක්ක හිතේ සුවේ සාමෙ අපිට එකයි මාමේ කිව්වා.
රංජිත් කලා අධ්‍යක්ෂවරයෙක්. එයාගෙ හැම ෆිල්ම් එකකම ඒ ආර්ට් ඩිරෙක්ෂන් එක කැපිලා පේනවා. ඒ සෙට්වල අමුතු ගැම්මක් තියෙනවා. රන්දෙනිගල සිංහයා චිත්‍රපටියට එයා වෙස්ටර්න් ෆිල්ම්ස්වල ගමක් හදනවා. ඒවාට අස්සයො පිටින් එන කැරලිකාරයො හදනවා. හෙරොයින් පාවිච්චි කරන පාතාලයක් හදනවා. දිග බූට් සපත්තු, ග්ලවුස්, රෝමන්කාරයන්ගෙ වගේ ඇඳුම්, තුවක්කු පිස්තෝල බෝම්බ එක්ක ඒක අපූර්ව විශ්වයක්.
ලංකාවෙ සිනමාව රස විඳින අයගෙ රසය යතාර්ථවාදයට සීමා වෙලයි තියෙවන්නෙ. තාර්කික නොවන දෙයක් රස විදින්න බැරි හැගීම්භින්නතාවයක් බහුතරයක් සිනමා විචාරකයන්ට තියෙනවා. විචාරකයාට ඔබ්බෙන් වූ සිනමාවක් තිබුනා නම් ඒ රංජිත් සිරිවර්ධනලත් කොටස්කරුවන් වුනු ලෙනින් මොරායස් වගේ දැවැන්තයන් බිහිවුනු ජනප්‍රිය සිනමාවයි. අනිත් සියල්ල තිබුනෙ විචාරකයන්ගෙ අත්අඩංගුවෙ.
ඊයෙ සාකච්ඡාවෙදි මට මතු කරන්න ඕන වුනේ චිත්‍රපටවල හොඳ සහ නරක කියලා දෙකක් නෑ කියන එක. හොඳ වගේම නරක කියන්නෙත් රසයක්. bad films රස විඳින්න දන්නෙ නැති කෙනෙක් කියන්නෙ එයාගෙ සිනමා ලිටරසිය සීමිතයි කියන එක. අපි අද ඉහලින් කතා කරන ගොඩක් චිත්‍රපට ලෝක සිනමාවෙ ඒ කාලවල bad films නැත්තං බී මූවිස් විදිහට ලේබල් වුනු ඒවා.
ලෝකෙ නරකම චිත්‍රපටිය කියල කාලයක් තිබුනෙ ed wood කියන අධ්‍යක්ෂවරයා කරපු planet 09 ෆිල්ම් එක. ඒක අද කල්ට් ක්ලැසික් එකක්. එඩ් වුඩ් ට පස්සෙ ඒ තැන දිනාගත්තෙ ටොමි වයිසු. The Room චිත්‍රපටියෙන්. අද මේ චිත්‍රපටි ප්‍රදර්ශනය වෙද්දි හෝල්වල සෙනග පොරකනවා. b movies රස විඳින්න කෙනෙකුට හොඳ- නරක සෞන්දර්ය නිර්ණායකවලට පිටින් දැනීමක් තියෙන්න ඕන. ඒ දුර්වලබව ඇතුලෙන් කෘතිය ප්‍රේක්ෂකයා සමග යම් අවංකත්වයක් බෙදාගන්නවා. චරිතය තුල චරිතය නොවන යමක් තියෙනවා. ඒක වෙනම රසයක්.
සිනමාවෙදි වැදගත්ම දේ වෙන්නෙ අවංකත්වය කියන එක. කෘතියක් පරිපූර්ණ වෙද්දි අවංකත්වයෙන් එහාට ගමන් කරනවා. මොකද පරිපූර්ණත්වය හැමතිස්සෙම පවතින්නෙ සම්මත සෞන්දර්ය නිර්ණායක මත. අවංක ප්‍රකාශනයක් සෞන්දර්ය නිර්ණායක මත පිහිටා වැඩ කරන්නෙ නෑ. ඒ නිර්මාණකරුවා වැඩ කරන්නෙ passion එක මත.
රන්දෙනිගල සිංහයා කියන්නෙ එහෙම පැෂන් ප්‍රොජෙක්ට් එකක්. ආර්ට් ඩිරෙක්ටර්ස්ලා, ස්පෙෂල් එෆෙක්‍ට්ස්, ස්ටන්ට්ස්, වෙඩි පුපුරන ශිල්පීන් තමන්ගෙ උපරිම වැඩ දාන්න කරපු වැඩක්. එතනදි තමන් කැමති වෙස්ටර්න් ෆිල්ම්ස් ආකෘතිය මේ සෙට් එක හිතුවක්කාර විදිහට තිරය උඩ පැල කරනවා.
චිත්‍රපටිය දින සීය පන්නලා දුවනවා. එක පැත්තකින් වරදට දඩුවම. අනිත් පැත්තෙන් රන්දෙනිගල සිංහයා.
එහෙම ප්‍රේක්ෂක ආකර්ශනයක් තිබුනු චිත්‍රපටියක දුර්වලතා හොයන එක ඒ හොයන එකාගෙ දුර්වලකමක් වෙනවා. මුලින්ම අපි ඒ ප්‍රේක්ෂාගාරයට ගරු කරන්න ඕන.
ඒක මහින්දලාගෙ කාලෙ වගේ පොලිටිකලි දක්කපු ඕඩියන්ස් එකක් නෙමෙයි. ගොවියො කම්කරුවො පැල්පත්වල මිනිස්සු ටැක්සිකාරයො විසිල් ගගහා බලපු ඕඩියන්ස් එකක්. ඒ රසය තිබුනෙ කොතනද?
මගේ යෝජනාව වුනේ අපි ආපහු අපේ පරණ පීචං සිනමාව පැත්තට හැරෙමු කියන එක. මිනිස්සු ආදරෙන් වැළඳගත්ත තැන් හොයමු කියන එක. ඒ කතාබහ ගැන වීඩියෝව ඉදිරියෙදි පළවේවි.
එතනට ආපු නිශාන්ත ප්‍රදීප් සහාය අධ්‍යක්ෂවරයා පපුවට දැනෙන කතාවක් කිව්වා. 'මේ චිත්‍රපටිය මෙහෙම කියවනවා ඇහුනා නම් රංජිත් සිරිවර්ධන තව අවුරුදු දහයක්වත් ඉන්න තිබුනා'..
මට ඒ කතාව ඇහුනම ජිගර්තන්ඩා චිත්‍රපටියෙ බොරුවට ඩිරෙක්ටර් කෙනෙක් විදිහට රගපාන චරිතයක් කියන දෙබසක් මතක් වුනා.
'බොරුවට වුනත් ඇක්ෂන් කියල කියද්දි මට අමුතු හැගීමක් දැනුනා..
අනෙක් චරිතය- ඒකට තමයි බං සිනමාව කියන්නෙ.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex