පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.


බිංගිරියේ දී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිංගිරිය කොට්ඨාස නියෝජිතයන් වෙත පත්වීම් ප්‍රදානය කිරීම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ඊයේ (23) සිදු කෙරුණි.

අනතුරු ව හිටපු ජනාධිපතිවරයා බතික් නිෂ්පාදනය කරන ස්ථානයක් ද නිරීක්ෂණය කළේය.



ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ප්‍රකට ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වන දිලිත් ජයවීර, ධම්මික පෙරේරා ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු සභාපති ජනක රත්නායක ද මේවනවිට ප්‍රකාශකර ඇත. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්