පාතාල කල්ලි සාමාජිකයකු බව පැවසෙන දොන් රොෂාන් ඉන්දික නොහොත් "මන්නා රොෂාන්" සහ ඔහුගේ ගෝලයෙකු අද (25) අලුයම වෙඩිවැදී මියගොස් තිබේ.


ඒ පාදුක්ක තුන්තානවත්ත වෙන්දේසීවත්ත ප්‍රදේශයේදී ය.

"මන්නා රොෂාන්" සහ ඔහුගේ ගෝලයාගේ මළ සිරුරු පොලීසිය විසින් අද අලුයම සොයාගනු ලැබීය.

පොලීසිය පවසන්නේ මත්කුඩු ගනුදෙනුවක් සඳහා ඔවුන් දෙදෙනා පාදුක්ක තුන්තාන වෙන්දේසී වත්තට පැමිණි සිට ඇති අතර එහිදී කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවය.

දැනට ඩුබායිහි සැඟව සිටින ලලිත් කන්නන්ගර නැමැත්තාගෙන් මත්කුඩු ලබාගැනීමට ඔවුන් එම ප්‍රදේශයට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය සැක පළකරන්නේ ලලිත් කන්නන්ගර නැමැත්තාට ඒ සඳහා මුදල් ලබාදීමෙන් පසු ඔහුගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සිදුකර ඇති බවය.

hummer copy
ඝාතනයට ලක්වූ මන්නා රොෂාන් නැමැත්තා හංවැල්ල නිරිපොල පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු 2019 වසරේ බෝම්බයක් ළඟ තබාගැනීම සහ විවිධ අපරාධ සඳහා බන්ධනාගාරගතව සිටි අයෙකි.

ඝාතනයට ලක්වූ ඔහුගේ ගෝලයා කලුඅග්ගල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් නිමේෂ් නැමති එක්දරු පියෙකි.

ඔහු ප්‍රදේශයේ තැඹිලි වෙළෙන්දෙක් බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන ගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.

(adaderana.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්