ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ ඉලක්කකර ගනිමින්, පොහොට්ටු පක්ෂයේ ප්‍රතිසංවිධාන

කටයුතු මේ වනවිට ආසන මට්ටමින් ආරම්භකර ඇත.

එහි එක් පියවරක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, ඊයේ දිනයේ (24) හොරණ නගර කේන්ද්‍ර කරගනිමින් පොහොට්ටු පක්ෂයේ නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කරනු ලැබීය.

එම උත්සවයේදී සදහා ඉතා ඉහළ ජනතා සහභාගිත්වයක් දකනට ලැබීම කැපී පෙනුන අතර සැළකිය යුතු පිරිසක් ප්‍රදේශයේ තරණ තරුණියන් වීමද විශේෂ කාරණයකි.

මෙම උත්සවය සදහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ගාමිණි ලොකුගේ, සරත් වීරසේකර, ලලිත් වර්ණකුමාර, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි ඇතුලු විශේෂ ආරාධිතයන් පිරිසක් ද එක්ව සිටියේය.


xxdgf

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්