දෙමළ ජනයාට අයත් ඉඩම් අත්පත්කර ගනිමින් හමුදා බලයෙන් උතුරේ බෞද්ධ විහාරයක් ඉදිකර

තිබෙන බවට චෝදනා කරන දෙමළ ජනතා නියෝජිතයකු ඇතුළු පිරිසක් එම විහාරය ඉවත් කර සිය භූමිය නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතාවයක් දියත් කර තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ නායකත්වය යටතේ උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ මෙම විරෝධතාවය දියත් වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කළේ ද, ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම සිදු වුයේද උඳුවප් පෝය දිනයේ බව බෞද්ධ ඇදහීමයි.


කන්කසන්තුරේ වලිකාමම් උතුරේ තයියිට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් ඉදි කර තිබෙන තිස්ස විහාරස්ථානය සමීපයේ මාර්ගය අයිනේ දෙසැම්බර් 26 වැනි අගහරුවාදා හවස් යාමයේ දෙමළ ජනයා විරෝධතාවය දියත් කර තිබුනේ නීති විරෝධි පන්සල වහා ඉවත් කරනු, අපේ ඉඩම අපිට ඕන, සාමය කඩ කරන පොලීසිය අපිට එපා, ආදී සටන් පාඨ කියමිනි.


බුදුහාමුදුරුවන්ගේ සිරිත් විරිත් අනුව කටයුතු කරන ලෙස තිස්ස විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ගෙන් විරෝධතාවයට එක්ව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නීතිඥ නටරාජ් කාන්දීපන් සිංහලෙන් ඉල්ලා සිටින ආකාරය වීඩියෝ ගතව තිබේ.

"මහත්තුරු අපි මේ කරුණාවෙන් කියන්නේ අපේ ඔප්පු තියන ඉඩම් වල නීති විරෝධිව ඉදි කරලා තියන පන්සල ඕගෝල්ලෝ ගිහිල්ලා වදින එකත් බුදු හාමුදුරුවොම ශාප කරයි ඕගොල්ලන්ට. ඔය තියනවා නාග දීප යන්න ........ ඒවට යන්න මේවා අපේ ඉඩම්. අයිතිකාරයෝ ඉන්නවා ඔය පොලීසිය ආරක්ෂාව දෙන්නේ නීති විරෝධි පන්සලට. පරම්පරාවටම ශාප වෙනවා. අනේ කරුණාකරලා ඕවට ඉඩ දෙන්න එපා. බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන්නේ ඕවා නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ සිරිත් විරිත් අනුව කටයුතු කරන්න."


විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව විසින් තිස්ස විහාරස්ථානය ඉදිකර තිබෙන බවයි.


"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ සදහන් කර තිබුනි.

“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියද හිමිව නොමැති බවටද උද්ඝෝෂණයේ යෙදී සිටින දෙමළ ජනයා කරුණු දක්වති.

xfgdfgyy

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්