දෙසැම්බර් 28 දින පැය 00.30 සිට 29 වන දින පැය 00.30 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1467 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ඉන් සැකකරුවන් 56 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 51 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

එසේම පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

* හෙරොයින් 460g
* අයිස් 653g
* ගංජා 03kg 637 g
* ගංජා පැල 103,793 ක්
* මාවා 342g 
* මත්පෙති 562 ක්


scan0121 page 0001scan0121 page 0002
මේ අතර "යුක්තිය" මෙහෙයුම ක්‍රියාත්මක කාලසීමාව තුළ නිවාසවලින් පළාගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කලේ, මේ සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇති බවය.

මේ අතර පසුගිය 17 වන දින සිට මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 15,222ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් 755 දෙනෙකුට රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර පුනරුත්ථාපනය සඳහා සැකකරුවන් 1,134 දෙනෙකු යොමු කිරීමට නියමිතය.

සැකකරුවන් 177 දෙනෙකුට එරෙහිව වත්කම් විමර්ශන ආරම්භ කිරීමට අදහස් කරන බවද පොලිස් මූලස්ථානය පැවසීය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්