ලබන වසරේ ජනවාරි පළමු වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත්

බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වාහන ලියාපදිංචි කිරීමේ දී ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි පළමු වැනි දා සිට අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් බදු ගොනු විවෘත කිරිමේ ක්‍රියාවලියට මහජනතාව ලියාපදිංචී වීමේ ප්‍රමාදයක් සිදු ව ඇති අතර, ඊට තවත් කාලයක් ලබාදීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරිම මසකින් පමණ කල්දැමීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.


බදු ගෙවන සමාගම් ගණන සියයට 10 කින් ඉහළට


බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන සිට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් පැවසීය.

පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති බවත් පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට 500,196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය.

සියලුම බදු කාණ්ඩවලට ලියාපදිංචි වීම කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ද දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් වැඩි දුරටත් සඳහන් කළේය.

(මුලාශ්‍රය - aruna.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්