ඩුබායිහි සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා,

ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකුගේ නමින් දෙහිවල මුහුදු තීරයේ හෝටලයක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, දෙහිවල මුහුදු තීරයේ වෙනත් අයෙකුගේ නමකින් පවත්වාගෙන යන හෝටලය සම්බන්ධයෙන් නීතිමය කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආර්. ඒ. එස්. රණවක 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසුවේ, අදාළ හෝටලය සම්බන්ධයෙන් මීට වසර එක හමාරකට පෙර කාලයක සිට නීතිමය කටයුතු සිදු කෙරෙන බවයි.

එහෙත් අදාළ හෝටලයේ අයිතිකරු සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් එම හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හඳුනාගත් මුල් අවස්ථාවේදීම ඒ සම්බන්ධයෙන් පොලීසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ හෝටලයට එරෙහිව දඩ නියම කර ඇත.

ඉන් අනතුරුවද අදාළ හෝටලය සම්බන්ධයෙන් පොලීසිය හමුවේ පැමිණිලි කළ බවත් ඉදිරියටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආර්. ඒ. එස්. රණවක තවදුරටත් පැවසිය.

අදාළ හෝටලය ඉදි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ලේඛනය ව්‍යාජ එකක් බවට මුදල් විශුද්ධිකරණය යටතේ සිදු කළ විමර්ශනයේදී හෙළි වී තිබේ.

කෙසේ වෙතත් පවතින නීතිමය ප්‍රතිපාදන අනුව එම හෝටලය රාජසන්තක කිරීමට හෝ එය කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ බලතල ඇති බව පොලීසිය සඳහන් කළේය.

(මුලාශ්‍රය - nethnews.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්