ගෙවී යන 2023 වසරේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව දෙස ආපසු හැරී බලන විට පිරිමි කණ්ඩායමට

වඩා කාන්තා කණ්ඩායමේ දස්කම් තිබෙන්නේ ඉහළ මට්ටමක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් මෙතෙක් ඔවුන්ගේ හොඳම වසර වූ 2023 ආරම්භ කළේ වසර මුල පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ එක් පෙරලිකාර සිදුවීමකදී දකුණු අප්‍රිකාව පරදවමින්.

hjhfhd
පෙබරවාරි 10 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවති එම තරගයේදී මේ අනපේක්ෂිත තියුණු ජයග්‍රහණය ඔවුන් වාර්තා කළේ ලකුණු 3කින්. එහිදී ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ඔ්වර 20 අවසානයේ ලබා ගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 126ක් පමණ යි. හතරේ පහර 12ක් සමග පන්දු 50කින් ලකුණු 68ක් රැස් කළ නායිකා චමරි අතපත්තු තරගයේ වීරවරිය බවට පත්වුනා.


ජූලි මාසයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මවුබිමේ පැවති ජාත්‍යන්තර එක්දින තරගමාලාවක නවසිලන්තය පරාජය කළ අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ ඔ්නෑම ආකාරයේ ශෛලියක නවසිලන්තය පැරදවූ පළමු අවස්ථාව වුනා.

එංගලන්තය ට එරෙහිව සැප්තැම්බරයේ එංගලන්තයේ පැවති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 0-1කින් පසුබැස සිට ඉදිරියට පැමිණ තරගමාලාව 2-1කින් ජය ගැනීමට සමත් වුනා. අවසානයේ සැප්තැම්බර් මාසයේදී ඔවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන මහා තරගයට පිවිස රන් පදක්කම් සටනින් ඉන්දියාවට පැරදුනා.

2023 වසරේ ජාත්‍යන්තර එක්දින තරග 8ක් ක්‍රීඩා කළ කාන්තා කණ්ඩායම ජය පරාජ 3 බැගින් ලබා ගත් අතර තරග 2ක් විසඳුමකින් තොරව අවසන් වුනා. ඔවුන් ක්‍රීඩා කළ විස්සයි20 තරග 16න් ජයග්‍රහණ 9ක් ද, පරාජයන් 7ක් ද වාර්තා වුනා.

මේ ජයග්‍රහණවලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අත්කර ගත්තේ ප්‍රධාන වශයෙන් චමරි අතපත්තු නිසා බව ‘ක්‍රික්ඉන්ෆෝ’ පෙන්වා දෙනවා.

dgefe
සිය දීප්තිමත් ක්‍රිකට් දිවියේ අගනා ම වසර වූ 2023 ඇය අවසන් කළේ ‘කාන්තා බිග් බෑෂ් ලීග්’ නමැති ඔස්ට්‍රේලියානු කාන්තා දේශීය ක්‍රිකට් විස්සයි20 තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව බවට පත්වෙමින්. මේ දක්ෂතාව වඩාත් වැදගත් වන්නේ චමරි අතපත්තු මේ තරගාවලියට ගියේ ආදේශ ක්‍රීඩිකාවක් පමණක් ලෙසින් වීම නිසා.


ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට මෙවැනි ආකාරයේ හපන්කම් ගැන පුරසාරම් දොඩන්න බැහැ. ඔවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසාන තරගයට පිවිසියත් ලෝක කුසලාන තරගාවලියේදී වැටුනේ පතුලක් නැති අගාධයකට. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියත් අහිමි වුනා.

විස්සයි20 තරග බිමේදී පිරිමි ක්‍රිකට් කණ්ඩායමට තිබෙන්නේ මධ්‍යස්ථ වාර්තාවක්. ඔවුන් ඉන්දියාව හා නවසිලන්තයේ පැවති තරගමාලාවන් දෙක ම පරාජය වුනේ පිළිවෙලින් 3-1ක් හා 3-0ක් වශයෙන්.

ටෙස්ට් පිටියේදී පිරිමි කණ්ඩායමට ජයග්‍රහණ වාර්තා කිරීමට හැකිවුනේ ප්‍රථම වතාවට දිවයිනේ සංචාරයක යෙදුනු අයර්ලන්තය ට එරෙහිව පමණ යි.


2023 වසරේ පිරිමි කණ්ඩායම ටෙස්ට් තරග 6කට මුහුණ දුන් අතර ඉන් ජයග්‍රහණ වාර්තා වුනේ තරග දෙකකදී පමණ යි. ඉතිරි තරග හතර ම පරාජයට පත්වුනා.


ජාත්‍යන්තර එක්දින තරග 31ක් ක්‍රීඩා කළ පිරිමි කණ්ඩායම ඉන් 16ක් ජය ගෙන ඉතිරි 15න් පැරදුනා. විස්සයි20 තරග 7කින් ජයග්‍රහණ ලැබුවේ තරග 2ක් පමණයි. තරග 5ක් පරාජය වුනා.

මේ වසර අවසන් කාල සීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ද දිස්වුනේ ලජ්ජාසහගත දර්ශනයක්. ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් පරිපාලනයට කෙරුනු මැදිහත්වීම් තවදුරටත් සිදුවීම වළක්වාලනු පිණිස ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවනු ලැබුවා.

මේ හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත 2024 පිරිමි අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්