ඉන්දියාව ද ආක්‍රමණය කර ඇති නව JN.1 කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජගත වී ඇති බවට මෙතෙක් තාක්ෂණික සාක්ෂි කිසිවක් ලැබී නැති නමුත්,

එය යම් හෙයකින් සමාජගතව පැතිර යාම ඇරඹුණහොත් පසුගිය වරටත් වඩා දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසිය.

මේ වන විට අවශ්‍ය කොවිඩ් එන්නත් හෝ මෙරට ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා වුවමනා කොවිඩ් පරීක්ෂණ කට්ටල හෝ නැති අතර ඒ අනුව කොවිඩ් පරීක්ෂණ කටයුතු සහ ආවේක්ෂණ සහමුලින්ම බිඳවැටී ඇති අනාරක්ෂිත වටාපිටාවක් තුළ නව ප්‍රභේදය දැඩිව පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවට ඔහු අනතුරු අඟවා සිටියේය.

 

ජාතික විගණන කාර්යාලයේ (NAO) දත්ත අනුව ශ්‍රී ලංකාවට පසුගිය වසරේ රුපියල් බිලියන 10.73 ක් වටිනා Pfizer COVID-19 එන්නත් ලබා දී ඇති අතර, මේ එන්නත්වලින් සියයට 56 ක්ම 2022 ජූලි වන විට භාවිතයකින් තොරවම කල් ඉකුත් වී ඉවත් කර ඇති බව වාර්තා වේ. 

 

ජනතාව තුළ කොවිඩ් භීතිකාව අතුරුදන්ව යාමත්, එන්නත් පිළිබඳ මිත්‍යා හේතුවෙන් අනිසි බියක් පැතිර යාමත් නිසා තුන්වැනි සහ හතරවැනි එන්නත් වටය ලබාගැනීමට ඉදිරිපත්ව තිබුණේ මුල් වටයේ එන්නත ලබාගත් පිරිසෙන් සියයට 20ක් පමණ වූ අවම ප්‍රමාණයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ පැවසිය.

කැස්ස, හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, ගඳ සුවඳ හා රස නොදැනීම කියන රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ද කලාතුරකින් ඇඟ මලානික වීම, වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් වහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ වැඩිදුරටත් පැවසිය. 

වහාම කොවිඩ් පුර්ව ආරක්ෂණ විධිවිධාන නැවත බලගන්වා කොවිඩ් තාක්ෂණික කමිටුව රැස්කර ඉක්මන් ආරක්ෂාකාරී පියවර ගත යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන් ද පෙන්වා දී ඇත.

(deshaya.lk | සුගත් පී. කුලතුංගආරච්චි)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්