වස පානය කර මියගිය බවට සැක කෙරෙන මවකගේ සහ දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු මාලඹේ – කහන්තොට ප්‍රදේශයේ නිවසකින් හමුවී තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එලෙස මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා බව ය.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාකුඹුර ලක්ෂරි හයිවේ රෙසිඩන්ස්හී තාවකාලිකව පදිංචිව සිටි උදාරි නිසංසලා සේනාරත්න මව (35), ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න, පුතා (09), ආර්යා ප්‍රතාප ගුණරත්න (07), අරද්‍යා ප්‍රභාවි ගුණරත්න (06) යන තිදෙනකු බව මාලඹේ පොලිසිය කියයි.

අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.

ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.


යම් මානසික පීඩනයකදී ඔබට හෝ වෙනත් කෙනෙකුට ඇමතිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයන් කිහිපයක් පහතින්,

# ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (National Institute of Mental Health) මානසික සෞඛ්‍ය උපදේශන සේවාව (National Mental Health Helpline) - 1926
ගාස්තු - නොමිලේ

# දිරිය හා දයාවේ පදනමේ (The Courage Compassion Commitment (CCC) Foundation) CCC Line - 1333
ගාස්තු - නොමිලේ

# ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0112 696 666
ගාස්තු - නොමිලේ

118961760 2348171015491480 6907051099391958791 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්